පාරේ සිටි ඉත්තෑවකු බේරන්න ගිහින් ත්‍රිරෝද රථය ප්‍රපාතයට පෙරැළී අයෙක් මරුට

  👤  4183 readers have read this article !
By mawbima 2018-02-20

ගම්පොළ - මාධව බණ්ඩාර

මාර්ගයේ සිටි ඉත්තෑවකු බේරීමට ගිය ත්‍රිරෝද රියක් අඩි 68ක් ප්‍රපාතයට පෙරළී එක් අයකු මිය ගොස් තුවාල ලැබූ තවත් අයකු නාවලපිටිය මූලික රෝහලට ඇතුළත් කොට තිබේ.

කොත්මලේ රුවන්පුර ප්‍රදේශයේදී ඊයේ (19දා) අලුයම මේ අනතුර සිදුවී තිබේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ රුවන්පුර පදිංචි රංජිත් කුමාර නමැති 27 හැවිරිදි අවිවාහක අයෙකි.
දානේ ගෙදර කටයුතු සිදුකරමින් තිබියදී එම නිවෙසේ සිට රාත්‍රියේදී එක් අයකු හපුගස්තලාව ප්‍රදේශයට ඇරලවා ආපසු නිවෙස වෙත යමින් සිටියදී මේ අනතුර සිදුවී තිබේ.
නාවලපිටිය-කොත්මලේ ප්‍රධාන මාර්ගයේ සිට ඉතා අබලන් දුෂ්කර මාර්ගයක පහළට එමින් තිබියදී මාර්ගයෙන් ඉවතට පැන දැඩි ප්‍රපාතයකට ත්‍රිරෝද රථය පෙරැළී තිබේ. එම අවස්ථාවේ ත්‍රිරෝද රථයේ පසුපස ගමන් ගත් මියගිය අය පහළ ඇති ගල්තලාවකට වැටී සිටියදී රාත්‍රියේම ගම්වාසීන් සොයාගෙන දෙදෙනාම රෝහල් ගත කොට සිටියදී ඊයේ (19දා) අලුයම ඔහු මියගොස් තිබේ. සිද්ධියෙන් තුවාල ලබා ඇති ආර්. සත්‍යශීලන් නමැත්තා පරීක්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය වෙත ප්‍රකාශයක් දෙමින් ඉත්තෑවා නිසා ත්‍රිරෝද රථය පාලනය කිරීමට නොහැකිව ප්‍රපාතයට පෙරළී ගිය බව සඳහන් කොට ඇත.

නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත උ.පො.ප. බණ්ඩාර, පොලිස් සැරයන් උපාලි (6384), පො.කො. ක්‍රිෂාන්ත (33179), මදුරංග (69954) යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (19දා) නාවලපිටිය රෝහලේදී සිදුකිරීමට නියමිව තිබිණි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon