පාලක-පාලිත පක්ෂ අවබෝධයෙන් ප්‍රශ්න විස¼දාගත යුතුයි

  👤  3991 readers have read this article !
By mawbima 2018-02-20

කුණ්ඩසාලේ - ඩබ්ලිව්. අළුගොල්ල

ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු වැඩිහිටි පිරිස් සමඟ සාකච්ඡා කරමින් අනාගතයේ ශ්‍රී ලංකාව අනෙකුත් රටවලට ආදර්ශයක් දෙමින් පාලන තන්ත්‍රය ගෙන යෑමට මැනවින් කටයුතු කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අති පූජ්‍ය නාපාන පේමසිරි හිමියෝ පෙරේදා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසූහ.

මැණික්හින්න හුරිකඩුව ශ්‍රී විද්‍යා සාගර මහ පිරිවෙනේදී පෙරේදා පෙරවරුවේ මාධ්‍ය වෙත මෙම විශේෂ ප්‍රකාශය කළහ.
මහනායක හිමියෝ මෙසේද කීහ. විශේෂයෙන් කිව යුතුයි, පාලක පාලිත පක්ෂය අද රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය ගැන විවාද නොකර සාකච්ඡා මාර්ගයෙන් අවබෝධයෙන් සමඟියෙන් කටයුතු කරන්න අවශ්‍යයි.

රට ඉදිරියට ගෙන යෑම සඳහා පාක්ෂිකයන් සමාදානයෙන් කටයුතු කිරීමට උත්සුක විය යුතුයි.
මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම වීමෙන් අපේ රටේ බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවුණා.
ආධ්‍යාත්මික ගුණ වගාවෙන් අපේ ජනතාව කටයුතු කරන්න ඕන.
ඒ නිසා රටේ පවතින ගැටලුකාරි තත්ත්වයන්වලදී දූරදර්ශීව, කල්පනාකාරීව කටයුතු කරන්න ඕනේ.
විශේෂයෙන් පාලක පක්ෂය බුද්ධිමත්ව ගන්න කර්තව්‍යයන්වලදී රටවල් දියුණු වෙනවා.
අපිට පැහැදිලි කරුණක් වශයෙන් එය පිළිබිඹු වෙනවා.

පසුගියදා පැවැති මැතිවරණයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශිෂ්ට ජයග්‍රහණයක් කර තිබෙනවා.
අද රට පාලනය කරන ක්‍රමයේ පසුබෑමක් තිබෙන බව ජනතාවගේ බහුතර කැමැත්ත තුළින් එය පිළිබිඹු කර තිබෙනවා.
ඒ නිසා මේ අවස්ථාවේදී පාලක, පාලිත පක්ෂ විසින් අවබෝධයෙන් සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විස¼දා ගත යුතුව තිබෙනවා.
රටේ බහුතර ජනතාවගේ ස්ථාවරත්වය ඒකීය භාවයෙන් එකම හැඟීමකින් යුක්තව රට ගෙන යෑමට ජනාධිපති, අගමැති ප්‍රමුඛ වැඩිහිටි පිරිස විශේෂයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරමින් අනාගත මේ ශ්‍රී ලංකාව අනෙකුත් රටවල සිටින නායකයන්ටත් ආදර්ශයක් වන අයුරින් පාලන තන්ත්‍රය ගෙනයෑමට අවශ්‍ය බව අපේ හැඟීමයි.

අද සාමාන්‍ය ජනතාව අමාරුවෙන් ජීවත් වන බව මාධ්‍යවලින් පවා දකිනවා. ඒ නිසා විශේෂයෙන් පාලක පක්ෂය මේ ජනතාව ගැන අවධානය යොමු කළ යුතුයි.
ඒ නිසා පසුගිය වකවානුවට වඩා ප්‍රීතිමත් සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් අනාගතයේ ඇති කිරීම සියලු දෙනාගේ අධිෂ්ඨානය විය යුතුයි.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ නිර්මල දේශනයට අනුව වැඩකටයුතු සිදුකළ යුතුයි.

හැම දෙනාගේම හොඳ නරක තිබෙන බව බුදු පියාණන්ගේ දේශනවලින් පෙනෙනවා. ඒ නිසා වඩාත්ම හොඳ ගුණධර්මවලින් කටයුතු කළ යුතුයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon