වාර්ෂිකව විජය හා ජෝති ගුණ සමරණ උඩුබද්දාවේ ජෝති-විජේ හෝටලය

  👤  4258 readers have read this article !
By mawbima 2018-02-20

වඩුමුන්නේගෙදර - තිළිණි පවිත්‍රා

විජය කුමාරතුංග හා එච්.ආර්. ජෝතිපාල කලාකරුවන් සිහිපත් කරමින් උඩුබද්දාව මංසන්ධියේ ජෝති-විජේ නමින් හෝටලයක් පවත්වාගෙන යන බන්දුල ජයසිංහ මහතා වසර 10ක් පුරා පෙබරවාරි 17 වැනි දින සංඝයා වහන්සේ උදෙසා පිරිනැමෙන දානමය පින්කම පැවැත්විණි. පණ ඇති තෙක් මෙම පින්කම මෙලෙස සිදුකරනා බව බන්දුල ජයසිංහ මහතා පැවැසීය.

මේ හෝටලය තුළ ඇති සෑම බිත්තියකම විජය කුමාරතුංග මහතාගේ හා ජෝතිපාල මහතාගේ පින්තූර රාමුකර ගසා ඇති අතර හෝටලය තුළ ඇති ගුවන් විදුලි යන්ත්‍රයෙන් අසන්නට ලැබෙන්නේ ජෝතිපාල මහතාගේ හා විජය කුමාරතුංගයන්ගේ ගීත පමණක් වීමද විශේෂත්වයකි.

විජය කුමාරතුංග මහතාගේ 30 වැනි ගුණ සමරුව වෙනුවෙන් මෙවරද ජෝති-විජේ හෝටලයේ සංඝයා වහන්සේ වෙනුවෙන් දානමය පින්්කමක් පැවැත්වූ අතර එම අවස්ථාවට ජීවන් කුමාරතුංග, ක්ලීටස් මෙන්ඩිස් ඇතුළු කලාකරුවන්ද, එච්.ආර්. ජෝතිපාල මහතාගේ බිරිය ඇතුළු පිරිසද එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon