මේ දේශපාලන අර්බුදය ගැන මට ලැජ්ජයි: දුකයි: කේන්තියි

  👤  4341 readers have read this article !
By mawbima 2018-02-20

වර්තමානයේ මෙරට දේශපාලනයේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් තමා ලැජ්ජාවටත් කනගාටුවටත් පත් වන බව ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි.

එසේම වර්තමාන දේශපාලන වාතාවරණය පිළිබඳ කේන්තියක් හටගන්නා බවද ඒ මහතා පැවැසීය.
අමාත්‍යවරයා මේ බව පැවැසුවේ පෙරේදා කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. අමාත්‍යවරයා මෙසේද කීය.
පසුගියදා අස්ගිරිය හා මල්වතු මහ නාහිමිවරු මෙරට නායකයන්ගෙන් ඉල්ලා සිටියේ පවතින අර්බුදය වහා අවසන් කොට 2015 ජනවාරි 8දා ජනතාවට පොරොන්දු වූ පරිදි ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කරන ලෙසයි. මේ ඉල්ලීම සිදු කරන්නේ ජනාධිපතිවරයාගෙන්, අග්‍රාමාත්‍යවරයාගෙන් විතරක් නෙවෙයි හැමෝගෙන්මයි. මේ මුළු රටේම ජනතාවගේ ඉල්ලීමයි.

පළාත් පාලන මැතිවරණයක් තිබෙන්නේ ගමේ කානුව, වීදි ලාම්පුව හදා ගන්න. ඒ වගේම මේ රටේ මැතිවරණ තව තිබෙනවා. පළාත් සභා මැතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණ, ජනාධිපතිවරණය යනාදියයි. පළාත් පාලන මැතිවරණයකින් ආණ්ඩු වෙනස් කරන්න ඕන නම් වෙනත් මැතිවරණ අවශ්‍ය නැහැනේ. පළාත් පාලන මැතිවරණ පමණක් තියලා නගරාධිපතිවරයා වගේම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාත් තෝරා ගන්න පුළුවන්නේ. බුද්ධිමත් මිනිස්සු එය පිළිගන්නේ නැහැ.

මම එක්සත් ජාතික පක්ෂයේ නෙවෙයි. එක්සත් ජාතික පෙරමුණේ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය වන අපට මන්ත්‍රිවරු 6 දෙනෙක් ඉන්නවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මන්ත්‍රිවරු 7 දෙනෙක් ඉන්නවා. අකිල ඉලංගෙයි මක්කල් කොංග්‍රසයට 5 දෙනෙක් ඉන්නවා. අපි එක්ක ඩීල් දාන්න කවුරුත් ආවෙත් නැහැ. අපි ඩීල් දාන්නෙත් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් නායකත්වයට එරෙහිව කටයුතු කරනවාද නැද්ද අපි දන්නේ නැහැ. ආණ්ඩු ප්‍රතිසංස්කරණය සිදු වෙන්න ඕන.
එජාපයේ ප්‍රතිසංස්කරණ ඔවුන් කර ගනීවි. ඒවා අපිට කියන්න බැහැ. විපක්ෂ නායක ධුරය ගැන දැන් කතා වෙනවා. සම්පන්දන් මහතා මේ රටේ ජාතික විපක්ෂ නායක ධුරයක් දරා නැහැ. එතුමා එම ධුරය භාර ගැනීම පිළිබඳව මා එකඟ වෙනවා. ඊළාම් කොටුවේ හිටපු අය වෙනස් වෙලා. අද ශ්‍රී ලාංකේය කියන කොටුවට ඇතුළු වී තිබෙනවා. අද රටේ ඇතිව තිබෙන අර්බුදයට වඩා එය වටිනවා.

මේ රටට ප්‍රශ්නය වෙලා තිබුණේ බෙදුම්වාදය. මෙය පාඨලී චම්පික ඇමැතිතුමාට අමතක වීම පිළිබඳව මම කනගාටු වෙනවා. එතුමා විපක්ෂ නායක ධුරයේ සිටිය යුතුයි. ඒ නිසයි ඔහුව අද උතුර නැඟෙනහිර ජනතාව තමන්ගේ නිල නියෝජිතයා ලෙස සම්පන්දන් මහතාව පිළිගන්නේ. මහින්ද මහතාට විපක්ෂ නායක ධුරය දිය යුතු නැහැ. ඔහු පාර්ලිමේන්තු එන්නෙත් නැහැනේ. දීලා වැඩකුත් නැහැ. රාජපක්ෂ මහතා හැමදාම යන්නේ පන්සල්.

යහපාලන ආණ්ඩුවේ ඔළුගෙඩි වෙනස් වෙන්න පුළුවන්. ඒත් යහපාලන ආණ්ඩුව දිගටම යනවා. හොරු ඉන්නවා නම් ඔවුන් ඉවත් කරලා අපි අපේ ගමන යනවා. යහපාලන ආණ්ඩුවේ එක එක්කෙනාට හිතුණු හිතණු දේ ඉෂ්ට කර ගන්න බැහැ. තොණ්ඩමාන් ආණ්ඩුවට ආවට මට ප්‍රශ්නයක් නැහැ.

ලක්ෂ්මී ජයකොඩි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon