මේ මස 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි සාක්කිකරුවන්ට නියෝග

  👤  4086 readers have read this article !
By mawbima 2018-02-20

කේ.එස්. උදයකුමාර්

නෙදර්ලන්ත රජය මඟින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහා පරිත්‍යාග කළ ජීප් රථයක් සිය පුද්ගලික පරිහරණය සඳහා භාවිත කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු ආපදා කළමනාකරණ ඇමැති හා වත්මන් රාජ්‍ය ඇමැති ඒ.එච්.එම්. ෆවුසි මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ විභාගය ලබන 23 වැනිදා දක්වා කල් දැමීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

අල්ලස් කොමිසම මඟින් ගොනුකර ඇති මෙම නඩුව ඉකුත් සිකුරාදා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අතිරේක මහෙස්ත්‍රාත්වරයා අවවාද කළේය.

2012 වසරේ නෙදර්ලත්ත රජය මඟින් ආපදා කළමනාකරණ
මධ්‍යස්ථානයේ කටයුතු සඳහා පරිත්‍යාග කළ රුපියල් දෙකෝටියකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 10කට ආසන්න පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් එවකට ආපදා කළමනාකරණ ඇමැති ලෙස කටයුතු කළ වත්මන් රාජ්‍ය ඇමැති ඒ.එච්.එම් ෆවුසි මහතාට එරෙහිව අල්ලස් පනත යටතේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon