ඉරණමඩු ජලාශය පුළුල් කිරීමේදී බෝධිය ආරක්ෂිත ස්ථානයකට ගෙන යන්න යුද හමුදා නිලධාරීහු සූදානමක

  👤  4173 readers have read this article !
By mawbima 2018-02-20

වවුනියාව -
රසාදි චතුරංගි ගමගේ

කිලිනොච්චියේ ඉරණමඩු බෝධිය ආරක්ෂිතව වෙනත් ස්ථානයකට රැගෙන යෑමට යුද හමුදා නිලධාරීන්ට සිදුව තිබේ.
ඒ ඉරණමඩු ජලාශය පුළුල් කිරීමේ කටයුතු නිසා බෝධිය එම ස්ථානයෙන් ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගන්නා ලද තීරණයක් නිසාය. ඉරණමඩු ජලාශය අසල යුද හමුදා කඳවුරක් පිහිටුවන ලද අවස්ථාවේදී යුද හමුදා නිලධාරීන් ඒ අසල බෝධියක් රෝපණය කොට බුදු මැඳුරක්ද තනන ලදී.
මීට මාස 6කට පමණ ඉහතදී යුද හමුදාවට ඉරණමඩු හමුදා කඳවුර ඉවත් කරගෙන එම ස්ථානයෙන් ඉවත් වීමට සිදුවූ අතර එම අවස්ථාවේදී බුදු මැඳුරෙහි තැන්පත් කොට තිබූ බුද්ධ ප්‍රතිමාවද යුද හමුදා නිලධාරීන්ට රැගෙන යෑමට සිදුවිණි.

ඉරණමඩු ජලාශය පුළුල් කිරීමේදී බෝධිය ඉවත් කිරීමට සිදුවන බව දැනුම් දීමත් සමඟම යුද හමුදා නිලධාරීහු ඔවුන් විසින් රෝපණය කරන ලද බෝධිය ආරක්ෂා කිරීම පිණිස මේ දිනවල එම බෝධිය එතැනින් ගලවා වෙනත් ස්ථානයක රෝපණය කිරීමට උත්සාහ දරමින් සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon