චිලව් මේරියන්ස් ශූරතාව දිනාගනී

  👤  4126 readers have read this article !
By mawbima 2018-02-20

ගමිත දෙහිපිටිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ ප්‍රමුඛ පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ එස්.එස්.සී කණ්ඩායම සමඟ පැවැති අවසන් තරගය ලකුණු 266කින් ජයගැනීමත් සමඟ සුපිරි අට වටයේ ශූරතාව දිනාගැනීමට චිලව් මේරියන්ස් කණ්ඩායම සමත් විය. ඒ අනුව චිලව් මේරියන්ස් කණ්ඩායම තරග 7කට ක්‍රීඩා කර ඉන් තරග 6ක් ජයගනිමින් සහ එක් තරගයක් ලකුණු සම වීමෙන් ප්‍රසාද ලකුණු 118.94ක් ලබා ගනිමින් ශූරතාවට හිමිකම් කීවේය.

මේ අතර සුපිරි අට වටයේ දෙවැනි ස්ථානය තරග 7කට ක්‍රීඩා කර ඉන් 4ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 93.28ක් ලබාගත් එස්.එස්.සී කණ්ඩායමටත් තුන්වැනි ස්ථානය තරග 7කට ක්‍රීඩා කර ඉන් තරග 4ක් ජයගනිමින් තරග 3ක් පරාජයට පත්ව ප්‍රසාද ලකුණු 82.15ක් ලබාගත් ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායමටත් හිමි විය.
චිලව් මේරියන්ස් කණ්ඩායමේ සචිත්‍ර සේරසිංහ ඉනිම 17කදී ශතක 3ක් සහ අර්ධශතක 6ක් සමඟින් ලකුණු 901ක් රැස්කරගෙන "ඒ" තලයේ තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවට පත් වූ අතර පන්දුවෙන්ද දස්කම් දක්වමින් ඉනිම 20කදී කඩුලු 35ක් දවා ගැනීමද කැපී පෙනේ. තවද චිලව් මේරියන්ස් කණ්ඩායමේ මලින්ද පුෂ්පකුමාර ඉනිම 20කදී කඩුලු 70ක් දවා ගනිමින් "ඒ" තලයේ තරගාවලියේ වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩකයා බවට පත් විය. ඒ සදහා කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 7ක්ද කඩුලු 10 බැගින් දවාගත් එක් අවස්ථාවක් ද ඇතුළත්ය.

ඡායාරූප _ තාරක බස්නායක, තිළිණ ප්‍රනාන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon