දේවපතිරාජේ රවීන්ට ලකුණු 4කින් ත්‍රිත්ව ශතකය අහිමි වෙයි

  👤  3972 readers have read this article !
By mawbima 2018-02-20

ඉෂාන් රශ්මිත

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන "සිංගර් කුසලාන" වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව තරගයකදී ලකුණු 296ක් රැස් කිරීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ රවීන් යසස් සමත් විය.
රවීන් යසස් එම තරගයේ පළමු ඉනිමේදී පන්දු 360කදී හතරේ පහර 24ක් සහ හයේ පහර 18ක් සමඟින් ලකුණු 296ක් රැස් කළ අතර, දෙවැනි ඉනිමේදී ලකුණු 65ක් ද රැස් කළේය.

මෙම තරගවලදී බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය විසින් කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය ලකුණු 54කින් පැරදවූ අතර, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල් කණ්ඩායම පූර්ණ ජය ලැබීය.

රත්ගම දේවපතිරාජ _ කරන්දෙණිය ම.ම.වි.
දේවපතිරාජ: පළමු ඉනිම _ 427/9
(රවීන් යසස් 296, පැතුම් මධුසංක 84, රවිඳු මිලාන් 99/4)
කරන්දෙණිය ම. ම. වි.: පළමු ඉනිම _ 277
(දිමුත් සඳරුවන් නොදැවී 133, ඉෂාර මධුවන්ත 77,
පැතුම් මධුසංක 90/6)
දේවපතිරාජ: දෙවැනි ඉනිම _ 105/6
(පන්දුවාර 24.3) රවීන් යසස් 65)
කරන්දෙණිය ම. ම. වි.: දෙවැනි ඉනිම _ 129/4
(ඉෂාර මධුවන්ත 58)

ශා. පීතර - කටුගස්තොට ශාන්ත අන්තෝනි
ශා. පීතර: පළමු ඉනිම _ 169
(ෂැනොන් ප්‍රනාන්දු 58, නිම්නක ජයතිලක 57/6)
ශා. අන්තෝනි: පළමු ඉනිම _ 137
(මොහොමඩ් අමීන් 47/5)
ශා. පීතර: දෙවැනි ඉනිම _ 184
(පබසර හේරත් 62, රන්මිත් ජයසේන 59,
කල්හාර සේනාරත්න 51/4)
ශා. අන්තෝනි: දෙවැනි ඉනිම _ 162
(සුනෙර ජයසිංහ 52, මොහොමඩ් අමීන් 76/5)
ශා. පීතර විද්‍යාලයට ලකුණු 54ක ජයක්.

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද _ හොරණ තක්ෂිලා
ශ්‍රී දේවානන්ද: පළමු ඉනිම _ 166
(සසිඳු ද සිල්වා 50, තිසර සචින්ත 44/4)
තක්ෂිලා පළමු ඉනිම _ 102
ශ්‍රී දේවානන්ද: දෙවැනි ඉනිම _ 294/7
(ෂොහාන් ද ලිවේරා 71, නිමේෂ් ද සිල්වා 55)
තක්ෂිලා දෙවැනි ඉනිම _ 112 (කවිඳු රාජපක්ෂ 20/5)
ශ්‍රී දේවානන්ද විද්‍යාලයට ලකුණු 246ක ජයක්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon