‘සැන්ඩෝ’ට බයේ යාලේ අලි හැංගිලා

  👤  4196 readers have read this article !
By mawbima 2018-02-20

සපුමල් ජයසේන

යාල වන උද්‍යානයෙහි මඳ කිපී සිටින 'සැන්ඩෝ' නමැති සද්දන්ත ඇතකුට බියෙන් මේ දිනවල එහි වෙසෙන සෙසු අලි ඇතුන් පලා ගොස් සැඟවී ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

'සැන්ඩෝ' යනු අඩි දහයක් පමණ උසැති ශක්තිමත් දළ යුගලක් ඇති කලහකාරී හැසිරීමක් පෙන්නුම් කරන සද්දන්ත ඇතෙකි. මීට දින දහයකට පමණ ඉහතදී සැන්ඩෝගේ දරුණු ප්‍රහාරයකට ලක්වූ සිතුල්පව්වේ තනි දළයා මේ වනවිට අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, වනජීවී පශු වෛද්‍යවරුන් විසින් උෟට ප්‍රතිකාර දෙන බවත් නිලධාරීහු සඳහන් කරති.

යාල ගැමුණු, සිතුල්පව්වේ අර්ජුන, සිතුල්පව්වේ නන්දිමිත්‍ර යන ඇතුන් ප්‍රධාන කොටගත් යාල ඇතුළු ඒ අවට ප්‍රදේශවල වෙසෙන පිරිමි අලි ඇතුන් සියලුදෙනා සැන්ඩෝට බියෙන් ප්‍රදේශය අතහැර පලාගොස් සැඟවී ඇත.
සැන්ඩෝ විසින් අලි ඇතුන්ට පහර එල්ල කළත් මේ වනතුරු සංචාරකයන්ට හානියක් සිදුකර නැති බව වනජීවී නිලධාරීහු කියා සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon