ජාතික ආණ්ඩුවකට දුන් වරම අවසන්

  👤  4356 readers have read this article !
By mawbima 2018-02-20

''අලුත් ආණ්ඩුවක් පිහිටුවන තුරු මේ ආණ්ඩුව කරන කිසිම ක්‍රියාවක් වලංගු නැහැ. දැන් ආයුබෝවන් කියා පිටත් වීමටයි තියෙන්නේ" යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා සභාව කල් තබන අවස්ථාවේ විවාදයට යෝජනාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.
පළාත් පාලන ඡන්දයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ජයග්‍රහණයෙන් පසු විශාල දේශපාලන අර්බුදයක් හටගෙන තිබෙනවා. ජනතාව මේ ආණ්ඩුව අන්ත පරාජයකට පත්කර තිබියදී බලෙන් ඉන්න හදනවා. ධනේශ්වර ව්‍යාපාරයේ සිට සුළු ජන ව්‍යාපාරය දක්වා කඩා වැටෙනවා. සංඛ්‍යාත්මකව ඔබ අසාර්ථකයි.
මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ නායකත්වයෙන් මේ ජයග්‍රහණය ලබා ගත්තා. වැරැදි නියෝජනය වෙනුවට නිවැරැදි පාර්ලිමේන්තු නියෝජනයක් උදෙසා මහා මැතිවරණයක් ලබා දෙන්න.

එ.ජා.ප.ය හා එ.ජා.ප. මිත්‍ර මහත්වරුන්ගේ ගමන් මඟ ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. මේක පළාත් පාලන මැතිවරණයක් නම් ජාතික නායකයෝ ජනපති හා අගමැති ගියේ ඇයි? ජාතික ආණ්ඩුවකට ලබාදුන් වරම අවසානයි. කැබිනට් මණ්ඩලයක් නෑ.

අලුත් ආණ්ඩුවක් පිහිටුවනතුරු කිසිම ක්‍රියාවක් වලංගු නෑ. රාජ්‍ය තන්ත්‍රයම බලාගෙන ඉන්නවා. දැන් ඔබලාට තියෙන්නේ ආයුබෝවන් කියා පිටත් වීමයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon