පියාගේ අක්මාවේ කොටසක් දරුවාට බද්ධ කරන්න වෙලා

  👤  3911 readers have read this article !
By mawbima 2018-02-21

ත්‍රිකුණාමලය අංක 191, අභයපුර ලිපිනයේ පදිංචි මෙතික සනුල් මන්හිරු නමැති දරුවා දරුණු අක්මා රෝගයකින් පීඩා විඳින බවත් එය සුවකර ගැනීම සඳහා දරුවාගේ පියාගේ අක්මාවේ කොටසක් බද්ධ කිරීම ඉක්මනින් කළ යුතු බවත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් පවසා තිබේ.
මෙම දරුවාගේ අක්මාව විනාශ වී යෑම හේතුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී එක් ශල්‍යකර්මයක් සිදුකළ බවත් දරුවා සුවකර ගැනීම සඳහා පියාගේ අක්මාවක කොටසක් සැත්කමකින් එක් කිරීමට ඉන්දියාව බලා යා යුතු අතර ඊට රුපියල් ලක්ෂ 75ක මුදලක් අවශ්‍ය බව දරුවාගේ මවුපියෝ පවසති.

ඉන්දියාවේ චෙන්නායි ග්ලෝබල් රෝහලේදී මෙම සැත්කම සිදුකළ යුතු හෙයින් ඒ සඳහා මෙම මුදල වැය වන බවත් වෛද්‍යවරු පවසා තිබේ. දරුවාගේ පියා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිවිල් ආරක්ෂක භටයකු වන හෙයින් ඔහුට එපමණ මුදලක් සොයාගැනීමටද නොහැකිය. දරුවා සුවපත් කර ගැනීම සඳහා මවුපියෝ මහජනතාවගේ කාරුණික උපකාර අපේක්ෂා කරනු ලබති.

පරිත්‍යාගශීලීන් වෙතොත් සිය මූල්‍යාධාර දරුවාගේ පියාගේ නමින් (චමින්ද ලියනගේ) ත්‍රිකුණාමලය මහජන බැංකුවේ පවතින අංක 255 200117874709 ගිණුම් අංකයට බැර කළ හැකි අතර වෙනත් උපකාරයක් කිරීමට ඇවැසි වන්නේ නම් එල්. චමින්ද 0711822428 අංක දරන දරුවාගේ පියාගේ ජංගම දුරකතනයටද ඇමැතිය හැකිය.

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon