මුතුර් කිලිවෙඩ්ඩි පාලම යටින් සොයාගත් ග්‍රැනේඩ් ලෝන්චර් වලට යොදන බෝම්බ 10ක් විශේෂ කාර්ය බළකායෙන් නිෂ්ක්‍රිය කරලා

  👤  3957 readers have read this article !
By mawbima 2018-02-21

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ

මුතුර් කිලිවෙඩ්ඩි පාලම යටට විසිකර තිබියදී හමුවූ ග්‍රැනේඩ් ලෝන්චර් අවිවලට යොදන කුඩා බෝම්බ 10ක් පෙරේදා (19දා) පස්වරුවේ විශේෂ කාර්ය බළකාය මඟින් නිෂ්ක්‍රිය කළ බව මුතුර් පොලිසිය පවසයි.

සොයාගත් මේ බෝම්බ මිලිමීටර් 40 වර්ගයේ ග්‍රැනේඩ් ලෝන්චර් අවි සඳහා භාවිත කරන ඒවා බවත් සොයා ගන්නා අවස්ථාවේ එම බෝම්බ දිරාපත් නොවී හොඳ තත්ත්වයෙන් පැවැති බව පොලිසිය පවසයි. කිසියම් අයකු විසින් රැගෙන යමින් තිබූ මේ බෝම්බ කිලිවෙඩ්ඩි පාලම මත ඇති පොලිස් මුර කුටියේ රාජකාරියේ නියුතු නිලධාරීන් දැක පාලම යටට විසි කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

එම ස්ථානයේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් බෝම්බ කිහිපය පාලම යට තිබෙනු දැක මුතුර් පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු මුතුර් අධිකරණයට කරුණු වාර්තා කර ලබාගත් නියෝගයක් මත විශේෂ කාර්ය බළකායේ සර්ධාපුර කඳවුරේ නිලධාරීන් ලවා නිෂ්ක්‍රිය කරනු ලැබීය.
මුතුර් පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් මේ බෝම්බ කිහිපය මේ ස්ථානයට පැමිණියේ කෙසේද යන්න පිළිබඳ විමර්ශන අරඹා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon