දේශපාලන අර්බුදය තව ඉදිරියට ඇදෙනවා

  👤  4049 readers have read this article !
By mawbima 2018-02-21

අනුරාධා හේරත්

මහා දේශපාලන පෙරළියක් ඇති වෙනවා යැයි ආන්දෝලනයක් ඇති කරමින් ජනතාව කුලප්පු කළද පවතින අර්බුදය ඉදිරියටත් පිමි ගණනකින් ඇදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත පවසයි.

දූෂිත පක්‍ෂ දෙකක් මාරුවෙන් මාරුවට බලයට පත් කර දූෂිත ක්‍රියාවල යෙදෙන විට "මේ ඒ අයගේ හැටිනේ" යැයි කියන තරමට ජනතාවගෙන් අති බහුතරයක් මෝඩ යැයි ලාල් කාන්ත මහතා පෙන්වා දෙයි.

ඒ මහතා පැවැසුවේ තම ඡන්දය දැන දැනම එවැනි පිරිසකට භාවිත කළේ නම් "ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීම ද නොකළ යුතු බවය. එමෙන්ම රටේ කවුරු අගමැති වුවත් කවුරු පක්‍ෂ පාට මාරු කළත් ජනතාවට එය අදාළ නොවන නමුත් අද වන විට ජනතාවද එවැනි ඕපාදූප පමණක් සොයන තැනට පත්වීම කනගාටුදායක බවද ඒ මහතා කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon