ජල විදුලි බලාගාර ආශ්‍රිතව කෘත්‍රිම වැසි

  👤  4120 readers have read this article !
By mawbima 2018-02-21

හර්ෂනී අර්සකුලරත්න
නෝර්වුඩ් - රිද්මි මිලින්දිකා

කෘත්‍රිම වැසි ආධාරයෙන් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉහළ නැංවීමට ඉදිරියේදී කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.

මෙරට බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙසත් පවතින අස්ථාවර වැසි රටාව හේතුවෙන් ජලාශවල ජලය පහත වැටීමට විසඳුමක් ලෙසත් ජල විදුලි බලාගාර ආශි්‍රතව කෘත්‍රිම වැසි ඇති කිරීමට අවධානය යොමුවූ බවද ඇමැතිවරයා පැවැසීය.

මේ සඳහා තායිලන්ත රජයේ විදුලිබල ක්ෂේත්‍රයේ සහාය ලබා ගන්නා බවත් 1980 වර්ෂයේදී එම රජය කෘත්‍රිම වැසි ඇති කිරීම සම්බන්ධයෙන් පේටන් බලපත්‍රය පවා ලබාගෙන ඇති බවත් ඇමැතිවරයා පැවැසීය. මේ පිළිබඳ වැඩිදුර කරුණු විමසීමේදී විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පැවැසුවේ එම අමාත්‍යාංශය විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා කළ ඉල්ලීමකට අනුව එරට රෝයල් රේන් මේකින් ඇන්ඩ් ඇග්‍රිකල්චරල් ඒවියේෂන් (අධරචත පචඪද ථචඬඪදඨ චදඤ චඨපඪජභතබභපචත චමඪචබඪධද) දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ඒ සම්බන්ධ විශේෂඥයන් කිහිපදෙනකු පසුගියදා (19දා) මෙරටට පැමිණි බවයි. එහිදී ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක නියෝජිතයන් හා මේ ක්ෂේත්‍රය සම්බන්ධ දැනුම හුවමාරු කරගැනීමක් සිදුවූ බවද විදුලිබල අමාත්‍යාංශය පැවැසීය.

ඒ අනුව පසුගියදා (19දා) එරටින් පැමිණි විශේෂඥ කණ්ඩායම මාවුස්සාකැලේ සහ කාසල්රී ජලාශ ආශ්‍රිත තත්ත්වය පිළිබ¼ද මූලික අධ්‍යයනයක් සඳහා එම ජලාශ නැරඹීමට ගිය බවද අද (21දා) දිනයේ කොත්මලේ හා වික්ටෝරියා ජලාශ ආශ්‍රිතව මූලික අධ්‍යයනයක් සිදුකරන බවද අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. පසුගිය දෙවසර පුරාම මෝසම් වර්ෂා දෙකෙන් එකක් හෝ නිසියාකාරව නොලැබීම හේතුවෙන් අවම වර්ෂාපතනයක් යටතේ ජලාශවල ජල මට්ටම් පහත වැටුණද ජලාශවලට ඉහළ අහසේ වලාකුළු පැවැතීම ප්‍රයෝජනයට ගනිමින් කෘත්‍රිම වැසි වස්සවා ජල විදුලි නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමට ගත් තීරණය මත මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙන බවද එම අමාත්‍යාංශය අවධාරණය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon