වත්මන් දේශපාලන අවුල මසක් පමණ පවතීවි

  👤  4007 readers have read this article !
By mawbima 2018-02-21

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

වත්මන් දේශපාලන ක්ෂේත්‍රයේ ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය මාසයක පමණ කාලයක් පැවැතිය හැකි අතර පළාත් පාලන ආයතන නීත්‍යනුකූල ලෙස ගැසට් පත්‍රය මඟින් ස්ථාපනය කිරීමට දවස් 25ක් පමණ ගතවිය හැකි බව නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

මේ ගැසට් පත්‍රය නිකුත් වන තුරු පළාත් පාලන නියෝජිතයන් 8200ක් පමණ බලාගෙන සිටින බවද තෙන්නකෝන් මහතා පැවැසීය.
ජාතික ආණ්ඩු සංකල්ප ගිවිසුම අවසන් යැයි ප්‍රධාන පක්ෂ දෙකම පවසනවා නම් දැනට පවතින කැබිනට් මණ්ඩලය වලංගු නොවන බවත් මේ ප්‍රශ්නය නුදුරේදීම අධිකරණය හමුවේ ප්‍රශ්නගත වීමට හැකි අතර දැන් ක්‍රියාත්මක වන්නේ ජාතික ආණ්ඩුවක්ද යන්න පිළිබඳව අගමැතිවරයා සහ ජනාධිපතිවරයා රට හමුවේ පැවැසිය යුතු බවත් කීර්ති තෙන්නකෝන් මහතා පැවැසීය.

කීර්ති තෙන්නකෝන් මහතා මේ බව පැවැසුවේ ඊයේ (20ද) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon