අතුරුදන් වූ අයකුගේ අස්ථි කොටස් රක්ෂිතයකින් හමුවෙයි

  👤  3774 readers have read this article !
By mawbima 2018-02-21

නෝර්වුඩ් -
රිද්මි මිලින්දිකා

බෝපත්තලාව වලගම්බාපුර ප්‍රදේශයේ අතුරුදන්ව සිට අයකුගේ අස්ථි කොටස් බෝපත්තලාව රජයේ ගොවිපළට ඉහළින් රක්ෂිතයේ තිබී හමු වූ බව ආගරපතන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්දසිරි මහතා පැවැසීය.
මෙසේ අස්ථි කොටස් එම ගම්මානයේ පදිංචිව සිටි ආර්. රම්බණ්ඩා නමැති (80) හැවිරිදි තිදරු පියකුගේ බව කියැවේ.
මොහු මීට මාස හතකට ප්‍රථම අතුරුදන්වී ඇති බවට ඔහුගේ ඥාතීන් විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබූ අතර ඔහු සිහිම¼ද ගතියෙන් පෙළුණු අයකු බව පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් ආගරපතන පොලිසිය මඟින් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
බෝපත්තලාව රජයේ ගොවිපළේ සේවකයන් විසින් රක්ෂිතයේ ගසක එල්ලී තිබෙන හිස් කබලක් දැකීමෙන් අනතුරුව ඒ පිළිබඳව පොලිසියට දැනුම් දීමෙන් පසු එම ස්ථානයට ගිය ආගරපතන පොලිසියේ නිලධාරීන් ගසට පහළින් ඔහුගේ තවත් අස්ථි කොටස් කිහිපයක්ද සොයාගෙන තිබේ.
අස්ථි කොටස් සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු එම අස්ථි කොටස් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකරන බව ආගරපතන පොලිසිය කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon