ජනපති ජාතික ආර්ථික සභාවෙන් වැඩ පටන් ගනී

  👤  4171 readers have read this article !
By mawbima 2018-02-21

රටට අවශ්‍ය කඩිනම් ආර්ථික කළමනාකරණ වෙනස්කම් සහිත නව වැඩපිළිවෙළ ලබන සතියේදී රටට ඉදිරිපත් කිරීමට ජාතික ආර්ථික සභාව තීරණය කර තිබේ.ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20දා) පෙරවරුවේ ජාතික ආර්ථික සභාව රැස්වූ අතර එහිදී මෙම තීරණයට එළැඹි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ආර්ථික කළමනාකරණයේදී රටට අවශ්‍ය කඩිනම් වෙනස්කම් සහ එහිදී ගතයුතු තීන්දු තීරණ මෙන්ම ක්‍රියාත්මක කළ යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන වැඩසටහන් පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව ඇත.
රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ ජාතික ආර්ථික සභාව මෙවර රැස්වූයේ 8 වැනි වරටය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍යවරුන් වන සරත් අමුණුගම, නිමල් සිරිපාල ද සිල්වා, මංගල සමරවීර, ජෝන් සෙනෙවිරත්න, සජිත් ප්‍රේමදාස, රවුෆ් හකීම්, මලික් සමරවික්‍රම, ෆයිසර් මුස්තාපා, නවීන් දිසානායක යන ඇමැතිවරුන්ද, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, ජාතික ආර්ථික සභාවේ මහලේකම් ලලිත් පී. සමරකෝන්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්.එස්. සමරතුංග, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී. එන්. රුවන්චන්ද්‍ර, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු මීට එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon