රාමඤඤ නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද නාහිමියෝ අපවත් වෙති

  👤  3897 readers have read this article !
By mawbima 2018-02-21

හිදෝගම - අමිල ප්‍රභාත්

බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සුවිශාල සේවාවක් සිදුකළ අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහා පිරිවෙනේ විහාරාධිපති රාමඤ්ඤ නිකායේ අනුනායක අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමියෝ ඊයේ (20දා) අපවත් වූහ.

හදිසියේ රෝගාතුරව කොළඹ ශ්‍රී ජයවර්ධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ අපවත් වනවිට 80 වැනි වියේ පසුවූහ. දේශීය විදේශීය ධර්ම ප්‍රචාරය සඳහා විශාල වෙහෙසක් දැරූ උන්වහන්සේ අනුරාධපුර මහා පිරිවෙන බිහි කිරීමත්, අනුරාධපුර වන්දනාවේ පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සඳහා විශ්‍රාම ශාලාවක් ඉදිකරලීමටත් කටයුතු කළහ. දුප්පත් ජනතාව වෙනුවෙන් වාර්ෂිකව නිවෙස් ඉදිකර දුන් උන්වහන්සේ විශාල සේවාවක් සිදු කළහ.

පිරිවෙන් හා විහාරස්ථාන 33ක් පමණ නායක හිමි යටතේ පැවැති අතර ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ 250 නමක් පමණ සිටිති.
අනුනාහිමියන්ගේ දේහය පිළිබඳව අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය ඇතිව මේ මස 24දා සවස අනුරාධපුර හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතය. ඒ පිළිබඳ අවසන් තීරණය රාජ්‍ය නිලධාරීන්, ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ හා දායක සභාව මඟින් සාකච්ඡා කිරීමෙන් පසුව සිදුකරන බව සාරානන්ද මහා පිරිවෙන් පරිවේණාධිපති පූජ්‍ය උඩගබ්බල ඥානාලෝක හිමියෝ සඳහන් කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon