සංශෝධන ලැයිස්තුව ජනපතිගෙන් රනිල්ට

  👤  4014 readers have read this article !
By mawbima 2018-02-21

ජාතික ආණ්ඩුවේ කැබිනට් සංශෝධනය සඳහා එජාපය යටතේ පවතින කැබිනට් අමාත්‍යාංශයන්හි සංශෝධනය විය යුතු ආකාරය පිළිබඳ අමාත්‍යාංශ නම් ලැයිස්තුවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් මඟින් දැනුම්දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ඊයේ (20දා) දිනයේදී එජාපය වෙත එම නම් ලැයිස්තුව යොමුකර තිබේ.

එම නම් ලැයිස්තුවට අදාළ සංශෝධනයන්ට එජාපය නියෝජනය කරන ඇතැම් ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනකුගේ බලවත් විරෝධය පළ කර ඇති බවටද තොරතුරු අනාවරණය වෙයි.

කෙසේ වෙතත් එජාප ආරංචි මාර්ග පවසන අන්දමට එජාපය යටතේ පවතින අමාත්‍යාංශවල සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව ජනාධිපතිවරයා වෙත ලිපියක් මඟින් අද (21දා) දවස ඇතුළතදී ලබාදීමට පක්ෂ නායකත්වය විසින් කටයුතු කරන බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon