පළාත් බලයට එජාප-ශ්‍රී ලනිප එක්වෙනවා

  👤  3920 readers have read this article !
By mawbima 2018-02-21

ජාතික ආණ්ඩුව ක්‍රියාත්මක වන නිසා පළාත් පාලන ආයතනවල සභාවල බලයද එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව පිහිටුවීමට කටයුතු කරන බවත් ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් ලැබී තිබෙන බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.
මේ අනුව පළාත් පාලන ආයතන 175ක පමණ පාලන බලය ලබාගෙන සභා පිහිටුවීමට කටයුතු කරන බවත් සභාපති ධුර එක්සත් ජාතික පක්ෂයටද උප සභාපති ධුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද ලබාදීමට කටයුතු කරන බවත් අශෝක් අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ ගැන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා කරමින් තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon