ශේ‍ර්ෂ්ඨාධිකරණයට කරුණු දක්වන්න අපි සූදානම්

  👤  3744 readers have read this article !
By mawbima 2018-02-21

ජාතික ආණ්ඩුවකින් පාර්ශ්වකරුවකු ඉවත්වීමට අදාළ නීතිමය පසුබිම ජනාධිපතිවරයා ශේ්‍රෂ්ඨාධිකරණයෙන් විමසුවහොත් ඒ සම්බන්ධව කරුණු දැක්වීමට ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් තමා ඇතුළු නීතිඥයන් කණ්ඩායමක් ඉදිරිපත් වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසයි.
මේ සම්බන්ධව ජනාධිපතිවරයාට නීතිපති ලබාදුන් උපදෙස් හා තමා ඇතුළු නීතිඥයන් පැවැසූ මතය පරස්පර විරෝධී වීම හේතුවෙන් ජනාධිපතිවරයා ශේ්‍රෂ්ඨාධිකරණයෙන් කරුණු විමසන බවද හෙතෙම පැවැසීය.

ශේ්‍රෂ්ඨාධිකරණය ඉදිරියේ නීතිපතිවරයා අනිවාර්යයෙන්ම කරුණු දක්වන බවත් තමා ඇතුළු නීතිඥයන් කිහිප දෙනකුද ශේ්‍රෂ්ඨාධිකරණයට ගොස් සිය මතය නිවැරැදිව දක්වන බවත් ඔහු පැවැසුවේය.

19 වැනි සංශෝධනය, වැට් පනත, ජනාධිපති ධුර කාලය පිළිබඳ කරුණු විමසීම්වලදී ශේ්‍රෂ්ඨාධිකරණය පිළිගත්තේ නීතිපතිවරයාගේ කරුණු නොව තමා ඇතුළු පිරිස ඉදිරිපත් කළ කරුණු බවත් මන්ත්‍රිවරයා එහිදී සිහිපත් කළේය.

එවැනි සුබවාදී අතීතයක් ඇති නිසා ඉදිරිපත් කිරීමට නියමිත සිය කරුණු දැක්වීම් ශේ්‍රෂ්ඨාධිකරණය මෙවරද සනාථ කරනු ඇතැයිද හෙතෙම පැවැසීය.
මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20දා) පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon