විදුහල්පතිනිය මිය යෑමෙන් නායකත්ව පුහුණුවත් නවතී

  👤  3847 readers have read this article !
By mawbima 2018-02-21

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන විදුහල්පතිවරුන් සඳහා වන නායකත්ව පුහුණු වැඩසටහන තාවකාලිකව අත්හිටුවීමට එම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
විදුහල්පතිවරුන් සඳහා පැවැත්වෙන නායකත්ව පුහුණු වැඩසටහනක් අතරතුරදී පසුගියදා විදුහල්පතිවරියක මිය යෑම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ අවසන් වන තෙක් එම නායකත්ව පුහුණු වැඩසටහන අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම පසුගියදා නායකත්ව පුහුණු වැඩසටහන අතරතුර හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය මිය යෑම පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පවත්වන ලෙසට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon