ලංකාව එක ජාතියකට අයිති එක භාෂාවක් කතා කරන රටක් නෙවෙයි

  👤  3401 readers have read this article !
By mawbima 2018-02-22

ජාතික කොඩියටත්, ජාතික ගීයටත් පසු තිබෙන්නේ බහුතර විවිධත්වයට ගරු කිරීම නමැති සටන් පාඨය බවත් එය පරාජය වුවහොත් රටම පරාජයට පත්වන බවත් ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවැසීය.

ඔහු එම අදහස් පළ කළේ ඊයේ (21දා) කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පැවති ජාත්‍යන්තර මවු භාෂා දින සැමරුම් උත්සවයට සහභාගි වෙමින්ය.
එහිදී අමාත්‍යවරයා මෙසේද කීවේය.

''ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයක් ඇතිවුණා. 1958දී සිංහල රාජ්‍ය භාෂාව කිරීමත්, ඊට හේතුවක් වී තිබුණා. භාෂා ප්‍රශ්නය තාක්‍ෂණික ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්න දැන් බොහෝදුරට විසඳගෙන තිබෙනවා. එවැනි ප්‍රශ්න ඇති නොවෙන්න ප්‍රතිපත්තිමය තීන්දු ගන්නවා. ශ්‍රී ලංකාවේ ජන වර්ග 19ක් සහ ආගම් 4ක් තිබෙනවා. අපි ඒවාට ගරු කළ යුතුයි. විවිධත්වය අගය කළ යුතුයි. මේක එක ජාතියකට, භාෂාවකට අයිති රටක් නොවේ. කාලයක් උතුර හිතුවා මේ රට දෙමළ, හින්දු කියලා. දකුණ හිතුවේ සිංහල බෞද්ධ කියලයි. ඒ තත්ත්වය අද වෙනස් කරලා අවසානයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ අතර බල අරගල තිබෙනවා. දකුණෙත්, උතුරෙත් කැරලි ඇතිවුණා. ඒත් ආණ්ඩු මාරු වුණේ මැතිවරණ ක්‍රම මඟිනුයි. ඒ ගැන සතුටු විය හැකියි.

මේ රටේ මැතිවරණ වර්ග හතරක් තියෙනවා. පළාත් පාලන මැතිවරණය කියන්නේ ඉන් එකක්. ඒ අනුව පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය අනුව, ආණ්ඩුව හෝ ජනාධිපති වෙනස් විය යුතු නැහැ. එහෙම කියන්නේ මොළේ අමාරු අයයි.
සමහර අයට කරගෙන යන වැරැදි තේරෙන්නේ නැහැ. ඒ අයට අපි වැරැද්ද කියලා දෙනවා. අපට පුද්ගලාභිවෘද්ධිය වැඩක් නැහැ. වැරැදිකරුවන්ට දඬුවම් දීලා, ඉවත් කරලා යහපාලනය ඉදිරියට ගෙන යනවා"

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රියාස් අබ්දුල්ලා, පදනම් ආයතනයේ සභාපති නීතිඥ සරත් කෝන්ගහගේ ඇතුළු පිරිසක්ද මෙහිදී කතා කළහ.

දෙනගම ධම්මික රණවීර
ඡායාරූප _ තිළිණ ප්‍රනාන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon