අතුරුදන් වූවන් ගැන විසඳුම් ඉල්ලා ඇරැඹූ කිලිනොච්චියේ සත්‍යග්‍රහයට වසරයි

  👤  3467 readers have read this article !
By mawbima 2018-02-22

මුලතිව් - ශෂිකුමාර් සහ ඕමන්ත - ශේෂලා අමරසිංහ

යුද්ධය හේතුවෙන් උතුරේ අතුරුදන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ඉල්ලා ආරම්භ කරන ලද කිලිනොච්චියේ සත්‍යග්‍රහයට මේ වන විට දින 366ක් පසු වී ඇතත් තමන්ට මෙතෙක් විසඳුමක් නොලැබුණු බවට අතුරුදන් වූවන්ගේ ඥාතීහු කියා සිටිති.

මීට වසරකට පමණ පෙර කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ආසන්නයේ පිහිටි කන්දසාමි කෝවිල ඉදිරිපිට මෙසේ යුද්ධය හේතුවෙන් අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් අතුරුදන් වූ සිය දරු මුනුබුරන් සොයා දෙන ලෙසටත් ඔවුන් වෙනුවෙන් විශ්වාසවන්ත පිළිගත හැකි විසඳුමක් ලබා දෙන ලෙසටත් ඉල්ලමින් මේ සත්‍යග්‍රහය ඇරැඹිණි.
රටේ නායකයාගේ සිට සියලුම බලධාරීන් හමු වී අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් විවිධ මට්ටමේ සාකච්ඡා පැවැත්වුවද මෙතෙක් තමන්ට පිළිගත හැකි විසඳුමක් නොලැබුණු බවට සත්‍යග්‍රහයේ නිරතවූවෝ කියා සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon