යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලියේදී විදූෂාගෙන් හා ධනංජයගෙන් නව තරග වාර්තා 2ක්

  👤  3318 readers have read this article !
By mawbima 2018-02-22

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකා යුද හමුදාව සංවිධානය කරනු ලබන යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලියේදී කාන්තා තුන් පිම්ම හා පිරිමි දුර පැනීම යන ඉසව්වන්ගෙන් නව තරග වාර්තා එක් කිරීමට විදූෂා ලක්‍ෂාණි හා ගේ‍ර්ෂන් ධනංජය සමත් වූහ.

ඒ අනුව දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේදී තුන් පිම්ම කාන්තා ඉසව්වේදී 6 වැනි කාන්තා බළකායේ විදූෂා ලක්‍ෂානි මීටර් 12.76ක පිම්මක් සටහන් කරමින් එම වාර්තාවේ හිමිකාරිත්වය ලබාගනිද්දී දුර පැනීම පිරිමි ඉසව්වේදී මීටර් 7.78ක දක්‍ෂතාවයක් දැක්වූ විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු බළකායේ ගේ‍ර්ෂන් ධනංජය අනෙක් වාර්තාවේ හිමිකාරයා බවට පත්විය.

මේ අතර පිරිමි උස පැනීමේ ඉසව්වට සහභාගි වූ විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු බළකායේ ඩී. රණතුංග මීටර් 2.12ක උසක් තරණය කරමින් පළමු ස්ථානය දිනාගනිද්දී හෙල්ල විසිකිරීමේ කාන්තා ඉසව්වට සහභාගි වූ 4 වැනි කාන්තා බළකායේ දිල්හානි ලේකම්ගේ මීටර් 51.04ක දුරක් විසිකරමින් පළමු ස්ථානය දිනා ගත්තාය.
තරගාවලිය අදින් අවසන් වෙයි.

ඡායාරූපය -
වෙනුර චන්ද්‍රමාලිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon