ජාතික ආණ්ඩු ගිවිසුම තවදුරටත් වලංගුයි

  👤  3378 readers have read this article !
By mawbima 2018-02-22

ජාතික ආණ්ඩු ගිවිසුම තවදුරටත් වලංගු බව එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහත්වරු පාර්ලිමේන්තුවට ඊයේ දැනුම් දුන්හ.

ඒ දෙපළ මේ දැනුම්දීම කෙළේ ජාතික ආණ්ඩු ගිවිසුම තවදුරටත් වලංගුද, ඒ බව දැනුම්දීමක් කර තිබේදැයි විපක්ෂය කතානායකවරයාගෙන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ප්‍රකාශයක් ලබාදෙන බව ඔහු විසින් පාර්ලිමේන්තුවට කළ දැනුම්දීම අනුවය.

කතානායකවරයාගේ අවසරයක් මත අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මේ සභාව ගත් තීරණයකට අනුව ඒ ගිවිසුම තවම වලංගු බවයි. දැනට අවලංගු කරන්නට වුවමනා තත්ත්වයක් මතුවී ඇතැයි සිතන්නේ නැති බවයි.

සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා කීවේ එක්සත් ජාතික පක්ෂය හා අපිත් අතර ගිවිසුමක් අස්සන් කළා. තවමත් ඒ ගිවිසුමේ බැඳී සිටින බවයි.
අපි තවම එකට කටයුතු කරනවා. ඉන් ඉවත් වෙලා නැතැයි ද සන්ධාන මහ ලේකම්වරයා කීවේය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon