මහ ඡන්දයක් ඉල්ලා ඒකාබද්ධයෙන් රට පුරා රැලි මාලාවක්

  👤  3579 readers have read this article !
By mawbima 2018-02-22

සිදත් මෙන්ඩිස්, ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

ආණ්ඩුව ඉල්ලා අස්වී වහාම පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වන ලෙසට ආණ්ඩුවට බලකරමින් ජන රැලි මාලාවක් රට පුරා සංවිධානය කිරීමටත් එම ජන රැලි මාලාවේ ආරම්භක ජන රැලිය ලබන මාර්තු 6දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩදී පැවැත්වීමටත් ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි.

මේ තීරණය ගෙන තිබෙන්නේ පෙරේදා (20දා) රාත්‍රි කොළඹ 7, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදීය.

මෙම සාකච්ඡාවට සහභාගි වූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා "මව්බිම"ට ප්‍රකාශ කළේ නුගේගොඩින් ආරම්භ කෙරෙන මෙම ජන රැලි මාලාව දිස්ත්‍රික්ක මට්ටමින් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සැලසුම් කරන බවයි.
මෙම ජන රැලි මාලාව ස¼දහා ආණ්ඩු විරෝධී සියලුම බලවේග සම්බන්ධ කරගන්නා බවද වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
වත්මන් ජාතික ආණ්ඩුව ඉල්ලා අස්වී පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැඳවනතුරු මෙම විරෝධතා රැලි හා විරෝධතා ව්‍යාපාර අඛණ්ඩව සිදුකරන බවද ඔහු කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon