සක්‍රිය බැරකම් පනත පරාජය කරනවා

  👤  3934 readers have read this article !
By mawbima 2018-02-22

සක්‍රිය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත ඉතා බරපතළ එකක් බැවින් පාර්ලිමේන්තුවේදී එය පරාජය කිරීමට ක්‍රියාකරන බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිතුමනාපයට ණය ලබාගැනීම සඳහා මෙමඟින් මුදල් අමාත්‍යවරයාට බලය පැවරෙන බවත් මෙය රටේ ආර්ථිකයට යහපත් කාරණයක් නොවන බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ඔහු මේ බව ප්‍රකාශ කෙළේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදීය.
පාර්ලිමේන්තුවේදී මෙම පනත් කෙටුම්පත පරාජය කිරීමට අවශ්‍ය පියවර ගන්නා අතරම මෙම පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණය ක්‍රියාමාර්ගවලට යන ලෙසටද හිටපු ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon