පොල් ගෙඩිය 200ට ගියත් කමක් නැහැ: රට බෙදෙන එක වළක්වන්න ඕනෑ

  👤  4080 readers have read this article !
By mawbima 2018-02-23

අලුත් ආණ්ඩු, අලුත් අගමැතිවරු පත් කරන බවට රට තුළ තුළ කැලඹීමක් ඇති කළත් දැන් පරණ විදියටම පාලනය ගෙන යන බවත් ජනාධිපතිතුමා රංගනයක් කළ නිසා ජනතාව වික්ෂිප්ත වී සිටින බවත් ජාතික සංවිධාන එකමුතුවේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවැසීය.
"නමුත් මේ ආණ්ඩුව 2015 පැමිණි ආකාරය දන්නවා නම් කිසි කෙනෙක් වික්ෂිප්ත නොවිය යුතු බවත් මේ ආණ්ඩුව හැදුවේ ඇමෙරිකාවත්, ඉන්දියාවත් එකතුවී කුමන්ත්‍රණය කිරීමෙන් පසුව බවද අමරසේකර මහතා පැවැසීය.

ඔහු එසේ පැවසුවේ ඊයේ (22දා) ජාතික සංවිධාන එකමුතුව රාජගිරියේදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මෙසේද පැවැසීය.

මේ ආණ්ඩුව එදා හැදුවේ ඇයිද කියන කාරණාව ගැන මිනිසුන්ට අවබෝධයක් නැහැ. ඒත් එහි මූලික අරමුණ රට බෙදා අස්ථාවර කිරීමයි. ඉන්දියන් සාගරයේ බලය ගැනීම ඉන්දියාවෙත්, ඇමෙරිකාවෙත් අරමුණයි. නව ව්‍යවස්ථාව ගෙන එන්නේ ඒ වෙනුවෙනුයි.

ජනාධිපතිතුමා අලුත් ආණ්ඩුවක් ගැන කතා කරන විට ඉන්දියාවේ සහ ඇමෙරිකා නායකවරු පැමිණ එසේ නොකරන ලෙස බලපෑම් කළෙත් ඒ අනුවයි.
මේ රූකඩ ආණ්ඩුව මඟින් ව්‍යවස්ථාව 2/3න් සම්මත කර ගැනීමට බටහිර ඇතුළු බෙදුම්වාදීන්ගේ අරමුණයි. රනිල් වික්‍රමසිංහ යටතේ වැඩ කරන මනෝ තිත්තවැල්ල ඉදිරියේ කරන ව්‍යවස්ථා ඇතුළු වෙනස්කම් ගැන දැනටමත් කියා තිබෙනවා.
ආර්ථිකයට හෙණ ගැහුවත්, පොල් ගෙඩිය 200 වුණත් කමක් නැහැ. ඒක හදාගන්න පුළුවන්. ඒත් රට බෙදුණාම ඒක හදා ගන්න බැහැ.
ඒ නිසා පක්‍ෂ භේද නැතිව මේ අරමුණ පරාජය කළ යුතුයි. ශ්‍රී ල.නි.ප. තුළ සිරිසේන ජනාධිපතිතුමා සමඟ සිටින අය හෝ මේකට විරුද්ධව ඡන්දය දිය යුතුයි"
බෙංගමුවේ නාලක හිමි

'බැඳුම්කර වංචාව නිසා රනිල් හොරෙක් වී හමාරයි. අර්ජුන මහෙන්ද්‍රන් ගෙන ආවේ ඔහුයි.
දෙමළ බෙදුම්වාදීන්ගේ වුවමනාව ශක්තිමත් කරන ආණ්ඩුවට පන්දම් අල්ලන්න එපා කියලා අපි මහනායක හිමිවරු ඇතුළු භික්‍ෂුන්ටත් කියනවා"
ජේ‍යෂ්ඨ නීතිඥ කල්‍යාණන්ද තිරාණගම

''මේ ආණ්ඩුවට බලයේ ඉන්න සදාචාර අයිතියක් නැහැ. මේ ඡන්දය ගමේ ඡන්දයක් වුණත් ගම ගැන හිතලා ඡන්ද දුන්නේ නැහැ. සියලු පක්‍ෂ කතා කළේ පක්‍ෂවල ප්‍රතිපත්ති ගැනයි. ඒත් රනිල් වික්‍රමසිංහගේ දේශපාලන, ආර්ථික ප්‍රතිපත්ති පැහැදිලි ලෙස ප්‍රතික්‍ෂේප කරනවා. වෛද්‍ය වසන්ත බණ්ඩාර
ජනවරම ගැන ජනාධිපතිතුමා සැලකිල්ලට ගන්නවා නම් එතුමාගේ භාවිතාව ජනතාව අනුමත කරලා නැහැ. ඒ නිසා ජනාධිපති තනතුරෙන් ඉවත් වීම, නිර්පාක්‍ෂික වීම හෝ ඉදිරි ජනාධිපතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම වැනි ක්‍රමයක් අනුමත කොට තම ගරුත්වය ආරක්‍ෂා කරගත යුතුයි.
මෙවර ජනමතය මඟින් ජනවාරි 08 ජනවරම ආරක්‍ෂා වී ඇති බවට ඇතැමුන් මුග්ධ තර්කයක් ගොඩනඟනවා. ඒත් දේශපාලන පක්‍ෂ රැසක් තම ප්‍රතිපත්ති ඉදිරිපත් කළා. අනාගත වැඩපිළිවෙළ ඉදිරිපත් කළා. ඒ අතරින් ජනතාව වඩාත් පිළිගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ ප්‍රතිපත්තියයි. ඒක සියයට 51% නොවුණාට වැඩිම ජනමතය තිබෙන්නේ ඊටයි.

දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon