බස් - ටිපර් - යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට

  👤  4069 readers have read this article !
By mawbima 2018-02-23

දඹුල්ල - කේ. ආරියදාස

දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අයකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක්, විදේශ සංචාරකයන් පිරිසක් ගමන් කරමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් මේ අනතුර සිදුව තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ දඹුල්ල - පැල්වෙහෙර ප්‍රදේශයේ පදිංචි සමීර ප්‍රසාද් නමැති (19) යතුරුපැදියේ ගමන් කරමින් සිටි තරුණයෙකි. මේ අනතුර සිදුවන ආකාරය එම අසල ගරාජයක සවි කොට තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතියක සටහන් වී තිබේ.

ටිපර් රථ රියැදුරාගේ සහ යතුරුපැදිකරුගේ නොසැලකිලිමත් රිය ධාවනය මේ අනතුරට මුල් වී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබෙන බව දඹුල්ල පොලිසිය කියයි.
ටිපර් රථයේ රියැදුරු සහ විදේශීය සංචාරකයන් රැගෙන ගිය බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon