කරවනැල්ල රෝහලේ සේවකයකුට ආපනශාලා භාරකරු පහර දීම නිසා උද්ඝෝෂණයක්

  👤  3960 readers have read this article !
By mawbima 2018-02-23

රුවන්වැල්ල - එස්.ආර්. සමරක්කොඩි
කරවනැල්ල - හේමන්ත මාහිංකන්ද
සීතාවක - අරන්දර දිසානායක
කරවනැල්ල මූලික රෝහලේ

කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයකුට එම රෝහලේ ආපනශාලා භාරකරු හා සේවකයකු විසින් පහර දුන්නේ යැයි කියන සිද්ධියක් මත ඊයේ (22දා) උදෑසන එම කාර්ය මණ්ඩල සාමාජිකයන් රෝහල් මිදුලේ උද්ඝෝෂණයක නිරත වන ලදී.
කාර්ය මණ්ඩලයේ සේවකයකු වන මංජුල සරත් බණ්ඩාර යන අය විසින් ආපනශාලාව වෙත ආහාර මිලදී ගැනීම සඳහා ගිය විට ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදු වී ඇතැයි පැවැසේ.

ඒ අනුව ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය මඟින් මේ උද්ඝෝෂණය පවත්වන ලදී. එහිදී රුවන්වැල්ල පොලිසියෙන් පැමිණ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

ඩබ්ලිව්.ඒ. පත්මසිරි සමරජීව හා බී.එල්. මංජුලසූරිය බුත්පිටිය යන මෙකී සැකකරුවන්
දෙදෙනා රුවන්වැල්ල පොලිසිය මඟින් ඊයේ (22දා) දින
රුවන්වැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමට නියමිතව තිබිණි.
රෝහල් පාලනාධිකාරිය මඟින් මේ සිද්ධියෙන් පසු ආපනශාලාව වසා දැමීමට කටයුතු කර ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon