මට අවශ්‍ය පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු ප්‍රශ්න නිරාකරණය කිරීමටයි

  👤  3985 readers have read this article !
By mawbima 2018-02-23

පාසල් ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් පාසල් වෙත ක්‍රිකට් භාණ්ඩ බෙදාදීමේ උත්සවයක් පසුගියදා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා පැවැසුවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම ප්‍රශ්න නිරකරණය කිරීමට තමනට අවශ්‍ය බවය. "මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ නව පාසල් ගණනාවක්ම තියෙනවා. ඒ දරුවන්ගේ මාපියන් ඉතා අපහසුවෙන් හම්බ කරන සල්ලිවලිනුයි ඒ දරුවෝ බැට් එකක් හරි බෝලයක් හරි ගන්නේ. මේ නිසා සියලු දෙනාම එකතු වෙලා පාසල් 680කට පමණ සහයෝගය ලබා දීමට මෙන්ම සමහර පාසල්වලට අත්‍යවශ්‍යව පවතින පැති විකට්ටු තිබුණේ නැහැ. ඒ පාසල් සඳහා අපි මේ වසරේදී මුදල් යොදවා තියෙනවා" යනුවෙන්ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon