බි්‍රගේඩියර් ප්‍රියංක එයි

  👤  4222 readers have read this article !
By mawbima 2018-02-23

චාමර
අමරසූරිය, කටුනායක
- ගයා තිරිමාදුර

බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක ප්‍රධානී බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඊයේ (22දා) දහවල් 12.35ට පමණ ලන්ඩන් නුවර සිට පැමිණි යූ.එල්.-504 දරන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
ගුවන් තොටුපොළ තුළදී ඔහුට විශේෂ අමුත්තන් සඳහා සැපයෙන පහසුකම් ලබාදී තිබිණි.

ඔහු පිළිගැනීම සහ සෙත් පිරිත් සජ්¿ධායනා කිරීම සඳහා භික්ෂුන් වහන්සේ පිරිසක් ගුවන් තොටුපොළ අසලට වැඩම කර සිටියහ. ඒ සමඟ ගිහි පිරිසක්ද වූහ.
බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා යුද හමුදා වාහනයකින් කිසිවකුට ප්‍රතිචාර නොදක්වා එම ස්ථානයෙන් පිටත්ව ගියේය.
නිදහස් දින බි්‍රතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අසල පැවැති එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ විරෝධතා අතර බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා සිදුකළ අභිනයක් හේතුවෙන් ප්‍රශ්න ගත තත්ත්වයක් මතු විය.

ඊට අදාළව මෙම කැඳවීම විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සිදු කර තිබිණි.
ඉදිරියේදී බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගෙන් මීට අදාළව උපදේශයන්ද එම අමාත්‍යාංශය විසින් ලබාදීමට නියමිතව ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon