බි්‍රතාන්‍යයේ මහ කොමසාරිස් අමරි ඉල්ලා අස්වෙයි

  👤  4246 readers have read this article !
By mawbima 2018-02-23

බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමරි විජේවර්ධන මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඇය විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා පැවැසුවේ එළැඹෙන මාර්තු මස 31 වැනි දින සිට ධුරයෙන් ඉල්ලා අස්වන බවට විජේවර්ධන මහත්මිය විසින් දැනුම්දී ඇති බවයි.

ලබන අගෝස්තු මාසයේදී ඇයගේ සේවය අවසන් කිරීමට නියමිතව තිබූ අතර පෞද්ගලික හේතුවක් මත මාර්තු මස 30 වැනිදා සේවය අවසන් කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස විජේවර්ධන මහත්මිය ඉල්ලීමක් කළ බවද කාරියවසම් මහතා පැවැසීය.
පසුගිය රජය සමයේ බිඳවැටුණු බව කියන ද්විපාර්ශ්වික සබඳතා යළි ශක්තිමත් කිරීමේ අරමුණින් අමරි විජේවර්ධන මහත්මිය බි්‍රතාන්‍ය මහ කොමසාරිස්වරිය ලෙස වත්මන් ආණ්ඩුව විසින් පත් කරන ලදී.

විජේවර්ධන මහත්මිය අගමැතිවරයාගේ සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ඥාතිවරියක්ද වෙයි.
ලේකම්වරයා එසේ කියා නැතැයි
අමාත්‍යංශය කියයි.

මේ අතර ඊයේ නිවේදනයක් නිකුත් කරමින් විදේෂ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමරි විජේවර්ධන මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ යැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළ බවට ජනමාධ්‍ය තුළ සංසරණය වන වාර්තා සාවද්‍ය බවත් මහ කොමසාරිස් විජේවර්ධන මහත්මිය සිය ධුර කාලය පිළිබඳ ගිවිසුම 2018 මාර්තු 31 වැනිදා වන විට ස්ව කැමැත්තෙන් අවසන් කරනු ඇති බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon