මත ගැටුම් අර්බුද මැද කැබිනට් වෙනස වෙයි

  👤  4062 readers have read this article !
By mawbima 2018-02-25

සංශෝධිත නව කැබිනට් මණ්ඩලයේ මංගල රැස්වීම ලබන අඟහරුවාදා (26දා) සුබ නැකැතින් ඇරැඹීමට නියමිතය.
අභ්‍යන්තර මත ගැටුම් හා දේශපාලන අවුල් මැද කල් යමින් තිබූ ඇමැති මණ්ඩල සංශෝධනය අද ඉරිදා සිදුවෙයි. අද පෙරවරු කාලය නිදහස්ව තබා ගන්නා ලෙස අදාළ ඇමැතිවරුන්ට දැනුම් දී ඇති බවද වාර්තා වේ.

දැනගන්නට ඇති අන්දමට ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාට මහා මාර්ග අමාත්‍ය ධුරයත්, පාර්ලිමේන්තුවේ සභා නායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතාට ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධුරයත් ලබාදීමට යෝජනා වී තිබේ. අග්‍රාමාත්‍යවරයා විසින් සිය පක්‍ෂයේ ඇමැතිවරුන්ගේ සංශෝධන සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට භාරදී ඇති ලැයිස්තුවට අනුව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස නම්කර තිබෙන්නේ සරත් ෆොන්සේකා මහතාය. ජෝන් අමරතුංග හා ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරුන් සම්බන්ධයෙන්ද සංශෝධනයට අදාළ යෝජනා ඉදිරිපත් වී තිබෙන බවද වාර්තා වේ.

නියෝජ්‍ය ඇමැති අජිත් පෙරේරා මහතාගේ නම අධිකරණ ඇමැති ලෙස යෝජනා වී තිබෙන බවද දැනගන්නට ඇත.
මේ අතර ජේ. සී. අලවතුවල, නලීන් බණ්ඩාර, බුද්ධික පතිරණ, අජිත් මාන්නප්පෙරුම, විජයපාල හෙට්ටිආරච්චි සහ තුසිතා විජේමාන්න යන අයට නියෝජ්‍ය ඇමැති තනතුරු පිරිනැමීමට යෝජනා වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ගේද සුළු සංශෝධන කීපයක් සිදුවන බවද දුමින්ද දිසානායක හා අනුර ප්‍රියදර්ශන යාපා මහත්වරුන් දැනට දරන අමාත්‍යාංශවල වෙනසක් සිදුවීමට ඉඩ තිබෙන බවද වාර්තා වේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon