රනිල් ඉවත් කරන්න ද්වන්ද සටනක්

  👤  3820 readers have read this article !
By mawbima 2018-02-25

ජේ.ටී. ද සිල්වා

• අගමැති තනතුරෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමේ ද්වන්ද සටනක් පක්ෂයෙත් ඉන් පිටතත් තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ. එක් පැත්තකින්, අගමැති තනතුරෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට ඇති නීතිමය ගැටලුවක් ඇද්දැයි ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් මත විමසීමක් සිදුකරන බව ජනාධිපතිවරයා ශ්‍රී ලනිප ඇමැතිවරුන්ට ප්‍රකාශ කර තිබිණි. මේ දක්වා ඒ පිළිබඳ තොරතුරක් ප්‍රකාශ වී නැත.

ඉකුත් වසරේ මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ රවි කරුණානායක ඇමැතිවරයාට එරෙහිව චෝදනා එල්ලවූ අවස්ථාවේ මුදල් ඇමැති තනතුරෙන් ඉවත්වන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කෙළේය.


එම ඉල්ලීම මුදල් ඇමැතිවරයා විසින් නොසලකා හැරීම නිසා ජනාධිපතිවරයා ඔහු තනතුරෙන් ඉවත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ රවි කරුණානායක මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්විය.

අගමැතිවරයා සම්බන්ධයෙන්ද බැඳුම්කර කොමිසම හමුවේ චෝදනා එල්ල වන්නට පටන් ගැනීමෙන් පසු අගමැති තනතුරෙන් ඉවත්වන ලෙසට ජනාධිපතිවරයා දැනුම් දුන් බවට තොරතුරු වාර්තා වුවද, අගමැතිවරයා ජනාධිපතිවරයා නොසලකා හැර ක්‍රියා කිරීම නිසා මේ වන විට ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් අතර විරසකයකට මුල පුරා ඇති බව දේශපාලන අංශ සඳහන් කරයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වන ලෙසට එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රි කණ්ඩායමක් සමඟ ජේ‍යෂ්ඨයන් පිරිසක් අගමැතිවරයාට බලපෑම් කරමින් සිටින බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.

අගමැතිවරයා පක්ෂ නායකත්වයෙන් ඉවත් වී පක්ෂයේ ප්‍රතිසංවිධාන රැසක් සිදුකරන බවට පවසා ඇතත් එම තීරණය ක්‍රියාත්මක කෙරෙන දිනයක් මේ වන තුරුත් ප්‍රකාශයට පත් නොකිරීම එජාප පසුපෙළ මන්ත්‍රිවරුන් කෙරෙහි කුතුහලයක් හටගෙන ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වුවහොත් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව ඊළඟට නායකත්වයට පත්වන මන්ත්‍රිවරයාට හෝ ඇමැතිවරයාට අගමැති ධුරය හිමිවිය යුතුව ඇති බැවින් අගමැතිවරයා එජාප නායකත්වයෙන් ඉවත් කර අගමැති තනතුර ලබාගැනීමේ සැලැස්මක් පක්ෂයේ මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවද 'සිරිකොත' ආරංචි කියයි.

මේ අතර අගමැති පදවියෙන් ඉවත් නොවන බවත් ජනාධිපතිවරයාට තමා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට බලයක් නොමැති බවත් පසුගිය දිනවල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට තිබූ බවද වාර්තා විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon