රට අස්ථාවර නොකර ආණ්ඩුව ස්ථාවර කරන්න

  👤  3300 readers have read this article !
By mawbima 2018-02-25

රට අස්ථාවර නොකර ස්ථාවර රජයක් කඩිනමින් ස්ථාපිත කරන ලෙස විපක්‍ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ස්ථාවර රජයක් කඩිනමින් පිහිටුවන්නැයි සම්පන්දන් ජනපතිට දන්වයි
විපක්‍ෂ නායක සම්පන්දන් මහතා "ඉරිදා මව්බිම"ට සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසී මේ ඉල්ලීම කළ බවයි.
එ.ජා.ප. ස්ථාවර රජයක් පිහිටුවීමෙන් පසුව උතුරේ ගැටලුවට විසඳුම් ලබා දීමට, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම ඇතුළු කරුණු කිහිපයක් ගැන රජය කඩිනමින් අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිවරයාට දැනුම් දුන් බවද විපක්‍ෂ නායක ආර්.සම්පන්දන් මහතා තවදුරටත් සඳහන් කළේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon