ආයතන 80ක බලය එජාපයට

  👤  3344 readers have read this article !
By mawbima 2018-02-25

එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල හා බහුතරයක් ලබාගැනීමට නොහැකි වූ පළාත් පාලන ආයතනවල සෙසු පක්ෂවල සහාය ලබාගෙන පළාත් පාලන ආයතන 80කට අධික ප්‍රමාණයක බලය තහවුරු කරගැනීමට එජාපයට හැකිවනු ඇතැයි සිරිකොත එජාප මූලස්ථාන ප්‍රකාශකයෙක් පැවැසීය.
සියයට 50 ඉක්මවා බලය ලබාගැනීමට කිසිදු පාර්ශ්වයකට නොහැකි වූ පළාත් පාලන ආයතනවල අදාළ කණ්ඩායම් සමඟ එජාපය මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවත් එම සාකච්ඡා බොහෝ දුරට සාර්ථක මට්ටමේ පවතින බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.

එවැනි පළාත් සභාවල නිල කාලය බෙදාගෙන කටයුතු කරගෙන යෑමට යෝජනා ඉදිරිපත්ව තිබෙන බවද පැවැසූ එම ප්‍රකාශකයා වෙනත් පාර්ශ්වයක් සමඟ එක්ව පළාත් පාලන ආයතන පිහිටුවීමේදී ඇති කරගන්නා කොන්දේසි ඒ පිළිබඳ සොයා බැලීමට පත් කර ඇති පංචපුද්ගල කමිටුව වෙත ඉදිරිපත් කළ යුතුව ඇතැයිද සඳහන් කළේය.
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් බලයට පත්වූ පළාත් පාලන ආයතනවල නිල කාලය මාර්තු 6 වැනිදා සිට බලාත්මක වෙයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon