වීසා නැතුව උඩවලවට ඇවිත් අපේ කට්ටිය කොටපු චීන ආගන්තුකයා

  👤  3367 readers have read this article !
By mawbima 2018-02-25

පිටරට අමුත්තෙක් වීසා නැතිවම උඩවලවට ඇවිත්ලු. මේ ගැන දැනගත්තු ශ්‍රී ලංකාවේ පදිංචි පිරිසක් ආගන්තුක සත්කාර පසෙක දමා ඒ අමුත්තට කොටන්න පටන් අරගෙනලු. හැබැයි ආගන්තුකයා මේ ටික දවසට යාළුවන් පිරිසකුත් අපේ රටෙන් හොයාගෙනලු. ලංකාවේ පදිංචි මේ කොණ්ඩ යාළුවොත් එක්කමලු මේ ආගන්තුක පිටරැටියාගේ දවස ගෙවෙන්නේ.

මේ ගැන ආරංචි වුණු ගමන් අපත් ගියා මේ පිටරැටි අමුත්තා කවුදැයි කියලා බලන්න. එයා විහඟ මිතුරෙක්. මින් පෙර ශ්‍රී ලංකාව තුළදී වාර්තා වී නැති බව සඳහන් වන පර්යටනික පක්ෂියෙක්. නමින් පොදු කඳුකර තිරාසිකයා (ඛ්ධථථධද අධජඬ ඊඩපභඵඩ) ලෙසත් (අභටධභඵඥ - බචඪතඥඤ අධජඬ ඊඩපභඵඩ) නමින් හඳුන්වන මෙයා අයිති වෙන්නේ ටර්ඩිඩේ (ඊභපඤඪඤචඥ) නමින් හඳුන්වන තිරාසික කුලයටයි. නව වසරේ ජනවාරි මැද භාගයේ ඉඳන් මේ දක්වාම මෙයා නතර වෙලා ඉන්නේ උඩවලවේ ජලාශය කිට්ටුව තියෙන වන වදුලුවලයි. තනියට ඉන්නේ කොණ්ඩ කුරුල්ලොයි (අඥඤ ඍඥදබඥඤ ඕභත ඕභත) කපුටෝ, කුරුලුගොයින්, උකුස්සන් වගේ අය දුටු ගමන් වහන් වෙන්නමයි හදන්නේ. මොකද ඒ අය නම් කරුණා විරහිතව මේ පිටරැටි කුරුලු යාළුවට කොටනවා.

පොදු කඳුකර තිරාසිකයන්ගේ ව්‍යාප්තිය ගත්තහම මේ විශේෂයට අයත් කුරුල්ලන් වාසය කරන්නේ දකුණු යුරෝපය, මධ්‍යම ආසියාව හා උතුරු චීනය ආශි්‍රතවයි. දකුණු යුරෝපයට සාමාන්‍ය නිවැසියන් වුණත් උතුරු යුරෝපයට නම් ආගන්තුකයි. හරියට මේ අපේ රටට වගේමයි. තමන් වාසය කරන නිජබිම්වලට සිසිර සෘතුව පැමිණෙත්ම ඒ බිම් අතහැර ආහාර, ගොදුරු බිම් සොයාගෙන (තාවකාලිකව) අප්‍රිකාවේ දකුණු සහරා ප්‍රදේශයන් බලා පර්යටනය කරයි. පර්යටනික විහඟුන් අතරේ ශක්තිමත් සංක්‍රමණිකයන් ලෙස මේ අය හැඳින්විය හැකිය.

ඊසාන දිග මෝසම් සුළං ප්‍රවාහයත් සමඟම සංචාරක අමුත්තන්ද වීසා නැතිවම අප රට සොයා පැමිණීම ආරම්භ කරනවා. එයද තනි තනිව හොර රහසේ හැංගිමුත්තන් කෙළිමින් නම් නොවේ. පිටරැටි අමුත්තන්ගේ මේ පැමිණීම වූ කලී ලෝ පුරා ප්‍රසිද්ධියක් උසුලන රහසක් බවද මෙහිලා සටහන් තැබිය යුතුමයි. ඉදින් අටුවා මොකටද..? තම නිජබිමෙන් පිටත් වී වීසා නැතිවම අප රට තුළට ඇතුළු වීමට අවසරය ඇත්තේ මිහිමත සොඳුරු බවින් පිරවීමට නිබඳවම වෙහෙසෙන සංචාරක පක්ෂීන්ටම පමණි. ඔවුන් දුරු කතර ගෙවාගෙන එන මේ ගමනේදී ශ්‍රී ලංකාවට පිවිසීමට ප්‍රධාන වශයෙන් මාර්ග දෙකක් භාවිතයට ගන්නවා. එම මාර්ගයන් දෙක නැඟෙනහිර පක්ෂි පියාසර මාර්ගය සහ බටහිර පක්ෂි පියාසර මාර්ගය වශයෙන් හඳුන්වනවා. එම පක්ෂි පියාසර මාර්ගයන් දෙක ඔස්සේ පැමිණෙන සංචාරක පක්ෂීන් විසින් අප රට තුළට ඇතුළු වීම සඳහා බහුල වශයෙන්ම භාවිතයට ගනු ලබන්නේ ඉන්දියාවේ ධනුෂ්කොඩි සිට ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම අතර දිවෙන පෙර සඳහන් කළ ස්වාභාවික පාලමක් හා සම වූ පිහිටීමක් සහිත ආදම්ගේ පාලම දූපත් සමූහයයි.

බටහිර සයිබීරියාවේ, හිමාලය කඳු වැටියට බටහිරින් සහ වයඹ දෙසින් පැමිණෙන පක්ෂීන් ඉන්දියාවේ මහා ගිරිදුර්ග සහ ගංගා නිම්නයන් ඔස්සේ බටහිර වෙරළ තීරය දිගේ පහළ දකුණුදිග අන්තයට වන්නට පිහිටා ඇති කොමරින් තුඩුව කරා පියාඹා විත් හුස්මක් කටක් නොගෙනම ශ්‍රී ලංකාවේ ගල්කිස්ස සහ මන්නාරම අතර ප්‍රදේශයෙන් අප රටේ අභ්‍යන්තරයට පිවිසෙනවා. තවත් සංචාරකයන් පිරිසක් හිමාලය කඳු වැටියට ඔබ්බට වන්නට ව්‍යාප්තව ඇති තිබ්බතය, නැඟෙනහිර සයිබීරියාව සහ මොංගෝලියාව ආදී වූ ප්‍රදේශවල සිට කඳු බාධක පසු කරමින් ගංගා නිම්න හරහා නැඟෙනහිර වෙරළ තීරයේ දකුණු දෙසට පියාසර කර පෝක් සමුද්‍ර සන්ධිය හරහා යාපනය අර්ධද්වීපයෙන් ඇතුළු වන අතරේ සමහර කණ්ඩායම් තවත් ඉදිරියට නැඟෙනහිර ඉන්දියානු වෙරළ තීරය දිගේ විත් ධනුෂ් කොඩිය සහ මන්නාරම අතරින් ආදම්ගේ පාලම වැලිපර දූපත් ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවට පිවිස, රට අභ්‍යන්තරයේ කඳුකරයටත් දකුණු ලක සොඳුරු කුරුලු නැවතුම වන බුන්දල තෙත් බිම බලාත් පියාසර කර සිය දිගු වෙහෙසකර වූ ගමනේ විඩාව සංසිඳවා ගන්නවා.

මේ සත්ත්වයා ප්‍රමාණයෙන් මයිනා සහ කොණ්ඩ කුරුල්ලාගේ අතරමැදි අයෙක්. දිග සෙන්ටිමීටර් 17-20ත් අතර. වර්ණයෙන් උඩු කය නිල් මිශි්‍රත කළු පැහැයක්. යටි කය ගඩොල් මිශ්‍ර දුඹුරු පැහැයක්. පපුව, බඩ වත කළු දුඹුරු කැඩි ඉරි සහිතයි. පිටකොන්ද ප්‍රදේශයේ සුදු පැහැය කැපී පෙනෙනවා. හොට, පාද සහ ඇස් කළු පාටකි. ප්‍රධාන වශයෙන් ලිංගික ද්විරූපතාවක් සහිතය. එනම් කුරුල්ලාට සාපේක්ෂව කිරිල්ලිය අඳුරු පාටයි. සිරුර පුරා තිත් රටා සහිත බැව් සඳහන්ය. එසේ නම් මේ අපේ රටට අතරමං වී පැමිණ ඇත්තේ කුරුල්ලෙකි. නිවැසි පරිසරයේ වියළි කඳුකර බිම් මොවුන්ගේ ගැවැසුම් කලාපයයි. ඒ බිම්හි පිහිටි ගල් කුහරවලයි ඔවුන් බිජුලන්නේ. බිත්තර 4-5ත් අතර ගොනුවක්. අපේ රටේදි මේ පක්ෂියා පත්ව ඇති නොසිතූ විරූ තත්ත්වය නිසාවෙන් (අතරමං වීම) වැඩිමනත් ශබ්ද නොකළත්, නිදහස් නිජබිම් ඇසුරේදී මිහිරි හ¾ඩින් ගී ගයන පක්ෂියෙක් ලෙස වාර්තා වෙනවා. මෙවැනි වූ ආගන්තුක විහඟ මිතුරන් කුරුලු ලොව හඳුන්වන්නේ අයාලයන් වශයෙන්. මන්ද යත් යළිත් වරක් මොහු අප රට තුළදී වාර්තා නොවීමටද පුළුවන් නිසා මෙය අවසන් දැකුමද විය හැකිය. එබැවින් යළිත් වරක් අපේ රට තුළදී දැක ගැනීම කෙසේ වෙතත් එක් වරක් හෝ අපේ නෙත් මානයට පැමිණීම ගැන අපේ ස්තූතිය මේ අහිංසක කුරුල්ලාට පුද කරමු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon