පෞද්ගලික රෝහල් ගාස්තු මිල පාලනයකට යටත් කරනවා

  👤  3704 readers have read this article !
By mawbima 2017-07-17

17-07-2017 MAWBIMA (10).jpg (600×350)

දයා පෙරේරා

සෞඛ්‍ය සේවා සඳහා පෞද්ගලික රෝහල් ඇතුළු වෛද්‍ය ආයතන අය කරන ගාස්තු ළඟදීම මිල පාලනයට යටත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න අවධාරණය කරයි.
අන්තර්ජාතික ආයතනයක් මඟින් ශ්‍රී ලංකාවේ සියලු පෞද්ගලික සෞඛ්‍ය ආයතනවල ගාස්තු විශ්ලේෂණය කර ගැනීමෙන් පසුව මේ මිල පාලනය සිදුකරන බවද ඇමැතිවරයා කීය.

පෞද්ගලික සෞඛ්‍ය සේවාව ව්‍යාපාරයක් මෙන්ම සේවයක් බවද සිහිපත් කර දෙන ඇමැතිවරයා තමන්ට ඕනෑ විදියට සෞඛ්‍ය සේවය කරන්න බැහැ යැයිද පැවැසීය.
'සමහර මිල ගණන් දිහා බැලූ විට හිනායනවා. ඒ වගේම අපට දුක හිතෙනවා' යැයි කී ඇමැතිවරයා එකම ‍ෙදාස්තර එක රෝහලක අය කරන ගාස්තුව මෙන් නවගුණයක් වෙනත් රෝහලකදී අය කරන බවද කීවේය.

එවැනි අයකිරීම් සීමා කොට හැම දෙනාටම සෙත සලසන හොඳ පෞද්ගලික වෛද්‍ය සේවාවක් ලබාදෙන බවද ඇමැතිවරයා පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්