නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක 19 වැනිදා තෙක් රිමාන්ඩ්

  👤  3555 readers have read this article !
By mawbima 2017-07-17

චාමර අමරසූරිය

තරුණයන් 11 දෙනකු අතුරුදන් කළා යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කළ නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා කොළඹ ජාතික රෝහලේ සිට වැලිසර නාවික හමුදා රෝහලට පෙරේදා (15දා) රාත්‍රියේ මාරු කර යැවූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා 'මව්බිම'ට පැවැසීය. 2008 වර්ෂයේදී සිදු වූවා යැයි කියන මේ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 12 වැනිදා වැලිසර නාවික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දසනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරි කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අනතුරුව ඔහුව කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්