මාවිල්ආරු අමුණ බලන්න ගිය ළමයින් 6 දෙනා ගමන්ගත් බෝට්ටුව පෙරැළී දෙදෙනෙක් මියගිහින්

  👤  3636 readers have read this article !
By mawbima 2017-07-17

චාමර අමරසූරිය

කුරුණෑගල ප්‍රදේශයේ පාසලක වාර්ෂික විනෝද චාරිකාව අතරතුර මාවිල්ආරු අමුණ බැලීමට ගිය ළමයින් හය දෙනකු ගමන්ගත් බෝට්ටුවක් පෙරැළී යෑමෙන් සිසුන් දෙදෙනකු පෙරේදා (15දා) ජීවිතක්ෂයට පත් වී ඇත. මේ සිසුන් හය දෙනා පාසලේ ගුරුවරුන්ට නොදන්වා මාවිල්ආරු අමුණ අසල තිබූ බෝට්ටුවක් පදවාගෙන යමින් සිටියදී එම බෝට්ටුව පෙරැළී ඇති බවද පොලිසිය සඳහන් කරයි. දියේ ගිලුණු ළමයින් හය දෙනා අනෙක් ළමයින් විසින් බේරා ගත්තත් දෙදෙනකුට පියවි සිහිය නොතිබීම හේතුවෙන් ඔවුන් සේරුනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවට රෝහල් වෛද්‍යවරයා විසින් දන්වා තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ කැකුණගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 11 හැවිරිදි මොහොමඩ් නියමතුල්ල මොහොමඩ් අබ්දුල්ලා සහ කුරුවීකොටුව ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි මොහොමඩ් හනීෆා මොහොමඩ් අබ්දුල්ලා යන සිසුන් දෙදෙනාය. මේ විනෝද චාරිකාව සඳහා එම පාසලේ ගුරුවරුන් කිහිපදෙනකු සහ ළමයින් 80කගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වී ඇති බවද පොලිසිය සඳහන් කරයි. සේරුනුවර පොලිසිය මේ පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්