අගමැති පුටුව දමා ගෙදර යෑමට සිටි රනිල්ට මහනුවර කලබලය දේවාශීර්වාදයක් වුණා

  👤  3050 readers have read this article !
By mawbima 2018-03-13

පසුගිය දිනවල රටේ ඇතිවූ කලබලකාරී තත්ත්වයෙන් වාසියක් සිදු වූයේ අගමැතිවරයාට පමණක් බවත් අගමැතිකමින් ඉවත් වී ගෙදර යෑමට සූදානමින් සිටි අගමැතිවරයාට එය දේව ආශීර්වාදයක් වූ බවත් රාවණා බලය සංවිධානයේ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති.

ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී එක් ජාතියකට පමණක් චෝදනා කිරීම පදනම් විරහිත බවත් රටේ ශ්‍රී ලාංකිකයෝ ලෙස ජීවත්වීමේදී සියලුම ජාතීන් එහි වගකීම භාරගත යුතු බවත් සද්ධාතිස්ස හිමියෝ අවධාරණය කරති.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සද්ධාතිස්ස හිමි,

අවුරුදු 3ක් යනකොට මේ රට නැවත සිවිල් යුද්ධයක් ඇති වෙන තැනට පරිවර්තනය වෙමින් තියෙනවා. මේ ආණ්ඩුව යටතේ ජාත්‍යන්තරයට කොන්ද නමන, ජාත්‍යන්තරයට එහෙයි කියන ආණ්ඩුවක් ඇවිල්ලා මේ වෙන කොට මුළු රටම ගිනි ජාලාවක් බවට පරිවර්තනය කරලා තියෙනවා. අපි කියනවා, මේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම මේ අවුරුදු දෙක පාලනය කළොත් මේ රටේ සිවිල් යුද්ධයක් ඇති වෙන එක වළක්වන්න බැහැ.

දෙමළ ඩයස්පෝරාවට වුවමනා වෙලා තියෙනවා මේ රටේ සියලු සම්පත් සම්පූර්ණයෙන් අත්පත් කරගන්න. අපි දන්නවා මාධ්‍ය ආයතනයක් විකිණීමට දාලා තියෙනවා. මේ වෙනකොට එක්තරා විදේශීය සමාගමකට මේක පැවැරීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. අපි කියනවා කරුණාකරලා මේ වගේ ගොන් වැඩ කරන්න එපා කියලා. මේවා යට දැවැන්ත කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි මොනවා හරි වරදක් පෙන්නුවහම ඒ පෙන්වපු කෙනාගේ පස්සේ තමයි මේ ආණ්ඩුව පන්නන්නේ. අම්පාරේ පෙත්ත ගැන අද වෙනකන් කියන්න මේ ආණ්ඩුවට බැරි වුණා. ප්‍රවෘත්ති සාකච්ඡාවලදී මාධ්‍යවේදීන් පෙත්ත ගැන ඇහුවම ඔවුන්ගේ ඇඟට කඩාපාත් වෙනවා. ඒක නිසා අපි කියනවා මේ ආණ්ඩුවට, ජෝකර්ලා එවන්න එපා කියලා මාධ්‍ය සාකච්ඡාවලට. පෙත්ත මොකද්ද කියලා හොයාගන්න බැරි ආණ්ඩුවට මිනිස්සු අතර ඇතිවෙන ආරවුල්වලට නිසි විසඳුම් දෙන්න පුළුවන්කමක් නැහැ. අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා මහත්වරුනි යන්න ලෑස්ති වෙන්න. යන්නේ නැත්නම් අපි ඉතා ඉක්මනින් ආණ්ඩුව පන්නලා දානවා.

මවුබිම සුරැකීමේ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
මේ රටේ ආණ්ඩුවක් නැහැ. පාලකයෙක් නැහැ. වගකීමක් දරන කෙනකුත් නැහැ. වගකීමක් ගන්න කෙනකුත් නැහැ. අයාලේ ගිහින් තියෙන්නේ. එක් එක් අයගේ උසිගැන්වීම්, පෙලඹවීම්වලට අහුවෙන්නේ නැතිව කටයුතු කරන්න කියන ඉල්ලීම අපි මේ රටේ සිංහල, මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි ආණ්ඩුව දැන් ඉන්දියාවට රෙදි හෝදන්න දෙන්න යනවා. මේ රටේ පළමු වතාවට රෙදි සෝදන්නන්ගේ සංගමය පාරට බහින්න සලස්වලා තියෙනවා මේ ආණ්ඩුව. ලොන්ඩරිකරුවන්ට අපි කියනවා කලබලයක් කරන්නේ නැතිව ඒ වගේ මොට්ට වැඩ කරන්න හදන ඇමැතිවරුන්ගේ ඔළුවට රෙදි හෝදලා ඒ වතුර වක්කරන්න කියලා.

උදයන්ති මුණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon