විරෝධතාව සම්බන්ධ නඩුව අගෝස්තු 30 වැනිදා යළි විභාගයට

  👤  2884 readers have read this article !
By mawbima 2018-03-13

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

මත්තල ගුවන්තොටුපොළ දීර්ඝ කාලීන බදු පදනම යටතේ ඉන්දියාවට ලබාදීමට එරෙහිව 2017 ඔක්තෝබර් මස 6 වැනිදා හම්බන්තොට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර සිටින අය වෙනුවෙන් හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුව ඊයේ (12දා) කැ¼දවීමෙන් පසු යළි අගෝස්තු 30 දක්වා කල් තැබිණි.

නීතිපති හට යොමුකර තිබෙන යම් කාරණා නිසා මේ ආකාරයෙන් නඩුව කල් දැමීම සිදුකළ බව නීතිඥ ප්‍රේමනාත් ‍ෙදාලවත්ත කියා සිටියේය. නඩුව කල් තැබීමෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ.

"අපිව හිරේ දාන්න ආපු පොලිස් නිලධාරීන් කිසිවකු අද මේ නඩුවට නෑ. ඒකෙන්ම පැහැදිලියි. තනිකරම මේ ආණ්ඩුව කරන්නේ ආණ්ඩුවට එක නීතියක් විපක්‍ෂයට එක නීතියක්. දැන් ෆේස් බුක් වහනවා නම් මට තිබෙන නඩු භාගයක් ඉවරයි. මොකද ඒ නඩුවලින් භාගයක්ම අහන්නේ ෆේස්බුක්වල තියෙන දේවල් පෙන්නලා. එදා මහින්ද මහත්තයා ෆේස්බුක් තහනම් කළා නම් ඔය නඩු එකක්වත් නෑ.

මේ වන විට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයයි 2015 ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණය අවසන් වුණ ගමන් කිව්වේ එයාලගේ මතය ගෙනිච්චේ සමාජ මාධ්‍ය මඟින් කියලා. මහින්ද රාජපක්‍ෂ මහත්තයට මඩ ගහපු ෆේස්බුක් එක එයාලට කරකැවෙනකොට දැන් එය නතර කරන්න වැඩ කරනවා.
රත්තරන් අශ්වයෝ ආවේ ඔය ෆේස්බුක් එකෙන්. ලැම්බෝගිනි ආවේ ඔය ෆේස්බුක් එකෙන්. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහත්තයා එදා ෆේස්බුක් තහනම් කළේ නෑ. ආණ්ඩුව හිතනවා නම් සියලුම ප්‍රශ්නවලට විසඳුම මේක තහනම් කරන එක කියලා ඒක ආණ්ඩුව වරද්දා ගැනීමක් බවයි නාමල් රාජපක්‍ෂ මන්ත්‍රිවරයා කියා සිටියේ.
අද මේ ආණ්ඩුවේ තියෙන ප්‍රධානතම ප්‍රශ්නය තමයි එක ප්‍රශ්නයක් යට ගහන්න තව ප්‍රශ්නයක් ඇති කරන එක. නුවර, අම්පාර සිද්ධි යට ගහන්න සමාජජාලා වෙබ් අඩවි තහනම් කරලා තව ප්‍රශ්නයක් ඇති කරගෙන අර ප්‍රශ්නය යට ගහන්න කටයුතු කරන බව ද නාමල් රාජපක්‍ෂ මන්ත්‍රිවරයා මෙහිදී කියා සිටියේය.

ප්‍රශ්න යට ගැසීමෙන් මේ රටේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්නේ නෑ. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ ෆේස්බුක් වහලා නුවර, අම්පාර සිදුවූ දේවල්වලට විසඳුමක් ලැබෙන්නේ නැහැ. මේ ගැටුම් ඇති වූ හැටි හොයලා ඒවාට විසඳුම් දෙන්න. එහෙම නැතිව තමන්ගේ ෆේස්බුක් එක ඇරගෙන රටේ ෆේස්බුක් වැහුවට මේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බව හෙතෙම කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon