සෞදි හාම්පුතෙක් ලාංකික ගෘහ සේවිකාව වෙඩි තබා මරා දමයි

  👤  3915 readers have read this article !
By mawbima 2018-03-14

දෙනගම ධම්මික රණවීර

සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට එම නිවෙසේ හාම්පුතා විසින් වෙඩි තබා ඝාතනය කොට පසුව එම පුද්ගලයාද වෙඩි තබාගෙන මියගොස් ඇතැයි සෞදි තානාපති කාර්යාලය නිවේදනය කළේය.

පසුගිය සෙනසුරාදා (10දා) උදෑසන එම ඝාතනය සිදුවී ඇත. ඝාතනයට ලක්වී ඇත්තේ ගාල්ල වඳුරඹ කටුබුරාව ප්‍රදේශයේ වතු නිවාසවල ජීවත් වූ ප්‍රියංකා ජයශංකර් නමැති 42 වියැති ගෘහ සේවිකාවකි.

සෞදි අරාබියේ බුරේද්හ්හිදී එම ඝාතනය සිදුවී තිබේ. ඝාතකයා 31 වියැති අයකු බවත් ඔහුට මානසික රෝගයක් තිබූ බවත් සෞදි තානාපති කාර්යාලය සඳහන් කොට තිබේ. ඝාතනයට ලක් වූ ගෘහ සේවිකාවගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එරට අල්රාස් රෝහලේ තැන්පත් කර ඇති බවත් එරට තොරතුරු අනාවරණය කළේය. මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ විදේශ සේවා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගෙන් විමසීමට උත්සුක වුවද එය ව්‍යර්ථ විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon