තමාට ඇති නඩුවලට අනුන්ගේ නම් දුන් තරුණයා 27දා තෙක් රක්ෂිත බන්ධනාගාරයට

  👤  3564 readers have read this article !
By mawbima 2017-07-17

අමිල අබේරත්න

තමන්ගේ නඩුවලට අනුන්ගේ නම් දුන් විත්තිකරුවකු ජූලි 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

වෑන් රථයකදී කාන්තාවකට ලිංගික අතවරයක් සිදුකිරීම සම්බන්ධ චෝදනාවට අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකරු වූයේ වැලිගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
විත්තිකරු නඩු තුනකට වරෙන්තු නියම වී ඇති තැනැත්තකු වන අතර ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පොලිසිය පවරා ඇති නඩුවට සහ තවත් නඩු කිහිපයකට ඔහු ලබා දී තිබෙන්නේ අනුන්ගේ නම් සහ ඔහුගේ ඥාති පුත්‍රයකුගේ නමක් වන අතර නඩුවක ඇප බැඳුම්කරයට අස්සන් කර තිබෙන්නේද වෙනම නමකි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු පොලිසියට දී තිබෙන්නේද වෙනත් කෙනකුගේ නමකි. ව්‍යාජ නමකින් පෙනී සිටීම සම්බන්ධයෙන් නඩුවක් පවරන ලෙසද අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පොලිසියට ව්‍යාජ නාමයක් දීම සම්බන්ධයෙන් වෙනම නඩුකරයක් යටතේ නඩුවක් ගොනු කරන ලෙසද කොටුව මහෙස්ත්‍රාත්වරිය පොලිසියට නියම කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්