කොස්වත්තේ ‘පිස්තෝල අක්කා’ 27තෙක් රිමාන්ඩ්

  👤  3848 readers have read this article !
By mawbima 2018-03-14

පසුගියදා තලංගම ප්‍රදේශයේදී මාර්ග අංක 177 පෞද්ගලික බස් රථ රියැදුරකුට පහරදීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටි දකුණු පළාත් සභා මන්ත්‍රි එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිය ලබන 27 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ නියෝග කළේය.
මේ සිද්ධිය බස් රථයේ ගමන් කළ මගියකු ජංගම දුරකතනයකින් රූගත කොට භාරදී තිබූ දර්ශනද අතර මන්ත්‍රි බිරිය අත තිබූ ගිනි අවියද තලංගම පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එමෙන්ම මන්ත්‍රිවරයාට පහරදුන්නේ යැයි චෝදනා එල්ල වුණු බස් රථ රියැදුරු ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරිණි. සැකකාර මන්ත්‍රිවරයාගේ පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ප්‍රේමනාත් සී. ‍ෙදාළවත්ත මහතා පෙනී සිටි අතර තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. අර්ජුන මහීකෙන්ද මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon