වඩුක්කෝඩෙයි හි ගැබිනි මවකගේ හා බිලි¼දාගේ ජීවිතය බේරූ පොලිස් නිලධාරියාට ආනන්දි සෂිදරන් ඇමැතිවරියගෙන් උපහාර

  👤  3767 readers have read this article !
By mawbima 2018-03-14

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සිංහල ජාතික පොලිස් නිලධාරීන් වහාම උතුරෙන් ඉවත් කොට ඒ වෙනුවට දෙමළ භාෂාව කතා කරන පොලිස් නිලධාරීන් ඉල්ලා සිටියත් ආනන්දි සෂිදරන් අමාත්‍යවරිය පසුගියදා සිංහල පොලිස් නිලධාරියකුට උපහාර පුදා තිබේ.
උතුරු පළාත් සභාවේ වනිතා කටයුතු පිළිබඳ ඇමැතිනි ආන්නදි සෂිදරන් මහත්මිය විසින් සිංහල ජාතික පොලිස් නිලධාරියාට උපහාර පුදා ඇත්තේ කිලිනොච්චියේ පැවැති උපහාර උළෙලකදීය.

යාපනයේ - වඩුක්කෝඩෙයි පොලිසියේ සේවය කරන ඒ.සී. සෙනවිරත්න නමැති මේ පොලිස් නිලධාරියා මීට මාසයකට පමණ ඉහතදී වඩුක්කෝඩෙයි පළාතේ ගැබිනි මවකගේ හා ඇය විසින් බිහි කරන ලද බිලි¼දාගේ ජීවිතය බේරා ගැනීම සඳහා කළ සේවය අගය කරමින් මේ උපහාරය එම පොලිස් නිලධාරියා වෙත පිරිනමා තිබේ.
දරුවකු ලැබීමට සිටි කාන්තාවක් නිවෙසේ කිසිවකු නොමැති අවස්ථාවක මහ රාත්‍රියේ අසනීප වී කෑගසද්දී රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටි මෙම පොලිස් නිලධාරියා අසල්වාසීන්ගේ උදවු උපකාරද ලබාගෙන ත්‍රිරෝද රථයකින් ගැබිනි මව රෝහල කරා රැගෙන යෑමට කටයුතු යොදා තිබේ.

ගැබිනි මව යාපනය ශික්ෂණ රෝහල කරා රැගෙන යන අතරතුරදී එම කාන්තාව විසින් දරුවා ප්‍රසූත කොට ඇති අතර ඇගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත්ව ඇත්තේද මෙම පොලිස් නිලධාරියාය.

එම නිලධාරියාගේ මැදිහත් වීම මත ගැබිනි කාන්තාවගේ ජීවිතය හා ප්‍රසූත කළ දරුවාගේ ජීවිතය බේරී තිබීම පිළිබඳව සතුටට පත් කාන්තා සංවිධානය මෙම පොලිස් නිලධාරියා උපහාර පිදීමට තෝරාගෙන තිබේ.

ඒ අනුව කිලිනොචිචියේ පැවැති උපහාර උළෙලකදී සෙනෙවිරත්න පොලිස් නිලධාරියාට උපහාර පුදා ඔහුට ත්‍යාග පිරිනැමීමක්ද සිදු කොට තිබේ.
වවුනියාව -

රසාදි චතුරංගි ගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon