උතුරේ මහ ඇමැති වෙන්න හිතාගෙන මාවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රිකම අතහරින ලකුණු

  👤  3782 readers have read this article !
By mawbima 2018-03-14

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී මාවෙයි සේනාධිරාජා මහතා උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය
අපේක්ෂක වශයෙන් ඉදිරිපත් කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ සඳහා මාවෙයි සේනාධිරාජා මහතා ඉදිරියේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවද වාර්තා වේ.
මාවෙයි සේනාධිරාජා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය සඳහා අරුන්දවභවන් මහතා පත් කිරීමට දෙමළ ජාතික සන්ධානයේ අවධානය යොමු වී තිබෙන බවද එම ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැනගන්නට ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon