මෙරට සෞඛ්‍ය පහසුකම් විදේශිකයන්ටත් ලබා ගැනීමට සහන

  👤  3705 readers have read this article !
By mawbima 2018-03-14

හර්ෂනී අර්සකුලරත්න

විදේශිකයන් සඳහා මෙරට වෛද්‍ය සේවා පහසුකම් ලබාදීම හරහා විදේශ විනිමය ඉපැයීමේ කාර්ය භාරයට සෞඛ්‍ය අමාත්‍යාංශයද සැලකිය යුතු හවුල්කරුවකු කරවීමේ අරමුණින් ඒ සඳහා වන ගැසට් නිවේදනය එළැඹෙන සතියේදී නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් බව පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන සභාවේ ලේකම් වෛද්‍ය වසන්ත දිසානායක පවසයි.

මෙරට පෞද්ගලික වෛද්‍ය සේවා නඟාසිටුවමින් විදේශිකයන් සඳහා මෙරටදී ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් සහ ඔවුන් ඒ සඳහා යොමු කර ගැනීමට අවශ්‍ය සහනදායී වෛද්‍ය සේවාවක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇතැයිද වෛද්‍යවරයා පැවැසුවේය.

ප්‍රතිකාර සඳහා මෙරටට පැමිණෙන විදේශිකයන්ගේ ගුවන් ටිකට්පතේ සිට ලබා ගන්නා ප්‍රතිකාරය දක්වා වන අය කිරීම් සහනදායී මිලකට ලබා දීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවැසුවේය.

එසේම ඉදිරියේදී පෞද්ගලික රෝහල් සඳහා වන බදු අඩු කිරීම් හරහාද, එම රෝහල්වල ස්ථාපනය කරන මිල පාලනය හරහාද මේ ක්‍රියාදාමය තවත් පහසු වන බවද වෛද්‍යවරයාගේ අදහස විය.

මේ වැඩපිළිවෙළේ මූලික අරමුණ මෙරට විදේශ විනිමය ඉහළ නංවා ගැනීම බවත් කර්මාන්තයක් ලෙස පෞද්ගලික වෛද්‍ය සේවා නඟාසිටුවීම බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon